රනිල්ගේ මංගල රැළියත් අනුරාධපුරෙන්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ මංගල ජන රැළිය අගෝස්තු 17 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම රැලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක්වූවන් ඇතුළුව ජනාධිපතිවරයාට සහාය දක්වන විවිධ පක්ෂවල සහ කණ්ඩායම්වල නියෝජිතයන් සහභාගී වීමට නියමිතයි.

මේ අතර, උතුරු පළාත නියෝජනය කරන දෙමළ පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ද ඊයේ (12) දිනයේ පැවැත්වුණා.

උතුරේ දෙමළ ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් එහි දී අවධානය යොමු වූ බව සඳහන්.

මීට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන නව සන්ධානය පිහිටුවීම අගෝස්තු 16 වැනිදා සිදුකිරීමට නියමිත බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන එක්ව මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිතයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් ‘මහජන එක්සත් පෙරමුණ’ පිහිටුවීමේ කටයුතුවල නිරත වන බවයි.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...