පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිහින් ගොඩක් දේවල් අහිමි කර ගනු ලැබුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් මොඞ්ල් එකක් නිර්මාණය කර නොගැනීම නිසා බව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේආචාර්ය රජිත් විතානාරාච්චි මහතා පවසනවා.
ආර්ථිකයට, අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නාගරීකරණයට ආදී ඕනෑම ක්ෂේත්‍රයක් සඳහා මූලික ආකෘතියක් නිර්මාණය කර නොගන්නේ නම් එම වැඩපිළිවෙල අසාර්ථක වන බවත් AI තාක්ෂණය ඔස්සේ නවීන ආකෘති ගොඩ නැගීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව ඔහු සඳහන් කළා.
ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එම තාක්ෂණය සංවර්ධන කටයුතුවලදී යොදාගනු ඇති බවට තමා අපේක්ෂා කරන බව ඒ මහතා පවසා සිටියා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (13) පැවති NPP තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව අමතමින්.
“මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ පීඨයේ කෘත්‍රිම බුද්ධිය හා පරිගණක විද්‍යාව පිළිබඳව මෙන්ම වාස්තු ගොඩනැගිලි හා සැලසුම්කරණ පීඨයේ උගන්වනවා. ඒ වගේම ප්‍රවාහන, සෞඛ්‍ය හා නාගරික පද්ධතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂකයෙක් විදිහටත් කටයුතු කරනවා. මගේ ඉගැන්වීම සහ පර්යේෂණ කටයුතු යන දෙකම එකතු කරලා “පනින්න පෙර සිතා බලන්න” යන ආදර්ශ පාඨය මූලික කරගෙන අදහස් කිහිපයක් දක්වන්න කැමතියි. විවිධ අයට විවිධ දේශපාලන මත වගේම වෙනත් මත පවතිනවා. ප්‍රතිපත්ති සම්පාදනයට ගියාම මේ මත දරන අයගෙන් විවිධ ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසාමයි නූතන ලෝකයේ ප්‍රතිපත්ති සැකසීමේදී තොරතුරු තාක්ෂණය ඉතාම වැදගත්ත වෙන්නේ.
අපට තොරතුරු ලැබී තිබියදී, ඒ තොරතුරු පැත්තක තබා ප්‍රතිපත්ති හදන්නේ ඇයි? නවිණ තාක්ෂණය යොදාගෙන ඩිජිටල් ලෝකයේ මොඞ්ල් එකක් (අනුරුවක්) අපේ අදහස පිළිබඳව ගොඩනගා ගන්න පුළුවන්. ඒ අනුව පනින්න පෙර සිතා බලන්න යන්න යොදා ගනිමින් අපේ අදහස ප්‍රායෝගිකව කරගෙන යන්න නිශ්චිතවම නිරාකරණය කර ගන්න පුළුවන්. පරිසරයට හොඳ නිසා කාබනික පොහොර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න ගිහින් තව ගොඩක් දේවල් නැතිකර ගත්තා. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න කලින් අපිට ඒ සම්බන්ධයෙන් මොඞ්ල් එකක් තිබුණේ නැහැ.
විශේෂයෙන්ම ප්‍රවාහන, සෞඛ්‍යය සහ නාගරික පද්ධතියට විශේෂ අවධානයක් යොමුකර තිබෙන්නේ ඒ නිසයි. කෝවිඞ් වසංගතය පැමිණි අවස්ථාවේ මම ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ කටයුතු කරන අතර, රජය විසින් වසංගතයට මුහුණ දීම පිළිබඳව මොඞ්ල් එකක් හදා දෙන්න කීවා. ලොක්ඩවුන් කිරීම, එන්නත් කිරීම, රෝහල්වලට මානව සම්පත් සහ අනෙකුත් සේවා ලබාදීම වැනි කටයුතු මූලිකව සිදුකළා. එහෙම නොවුණා නම්, දුන්න දුණුගමුවේ ඊතල කිතලගමුවේ වගේ දෙයක් වෙනවා. වේදිකාවල ඩිජිටල් පරිහරණය ගැන විවිධ කතා කීමත් දත්ත මත පදනම් වූ මූලික ආකෘත්‍රියක් තිබෙන්න ඕනෑ.
අපි දන්න තොරතුරු සහ දත්ත අනුව යම් මොඞ්ල් එකක් සකස්කර ගත්තත් එය හඳුන්වාදීමේදී ඒ.අයි. තාක්ෂණය ඉතාම හොඳින් යොදාගත හැකියි. සංකීර්ණ ප්‍රශ්න විසඳන්න මානව සම්පත් යොදාගත හැකි වුවත්, ඒ.අයි. තාක්ෂණය පාවිච්චිකර, එය ඉතා හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මගී ප්‍රවාහන බස් සේවය වෙනුවෙන් තොරතුරු දත්ත යොදා ගන්න පුළුවන්. මේ විදිහට ටික කලක් එකතු වුණු දත්ත යොදා ගනිමින් බස් ගමන් මාර්ගයේ කාලසටහන වගේම ගමන් සටහනත් නිවැරදිව හදාගන්න පුළුවන්.
ලංකාවේ විශ්වවිද්‍යාල වගේම පෞද්ගලික අංශයේ ඉන්න දක්ෂ අය යොදාගෙන ඩිජිටල් ආශ්‍රයෙන් මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපේ රට ඉස්සරහට අරන් යන්න ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් (ඊ) රාජ්‍ය සේවයක් ස්ථාපිත කරන්න ඕනෑ. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, නාගරීකරණයට, ඉතාමත්ම පහසුවෙන් ඊළඟ පියවර තබන්න ඩිජිටල් යටිතල පහසුකම් ඉතාමත්ම වැදගත් වෙනවා. මූලික ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අපි විසින් සකස්කර දුන්නාම එය ක්‍රියාත්මක කරගෙන යාම ලංකාවේ සිටින අය සිදුකරාවි.
ඕස්ටේ්‍රලියාවේ ඩිජිටල් සිස්ටම් එක ගොඩක් හොඳින් ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ සිට සියලු දේවල් ක්‍රියාත්මක කළ හැකියි. ඒ වගේම මෙතනට දත්ත පද්ධතියක් සම්බන්ධ කර තිබෙනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍යය ගැන තීරණයක් ගන්න නම්, ජනගහනය, නාගරීකරණය වැනි සම්පූර්ණ දත්ත ඒකාබද්ධව තිබෙන්න ඕනෑ. ලංකාවේ ඩිජිටල් භාවිතාවය ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය ගොඩනඟන්න ලංකාවේ විශ්වවිද්‍යාලවල පර්යේෂණ සිදුකර තිබෙනවා. ක්‍රියාත්මක කරන්න අත්හදා බැලීම් පවා සිදුකර තිබෙනවා. නමුත් පවතින වංචා සහ දූෂණ නිසා මේ පද්ධති ඉදිරියට ගෙනියන්න බාධා සිදුවී තිබෙනවා. මේ තත්වය මගහරවා ඩිජිටල් කරණය යථාර්ථයක් බවට පත්කරන්න අවශ්‍ය තරුණ මානව සම්පත ඉතා හොඳින් රට තුළ පවතිනවා. මේ සියල්ල කළමනාකරණය කරගෙන ඉදිරියට යාමේ හැකියාව ඉදිරි රජයයෙන් ලැබෙන බවට විශ්වාසයි.”