මස් කා දමන රෝගයට ගොදුරු වූ නිරූපිකාවගේ මුහුණට සිදු වුණු දේ

මස් කා දමන බැක්ටීරියා රෝගයකට ප්‍රතිකාර ලෙස කරන ලද ශල්‍යකර්මයකින් සිය නාසය විකෘති වූ ආකාරය හිටපු රුසියානු නිරූපිකාවක් වන ඇලීසා කස්මිනා (Alisa Kazmina) විසින් හෙළිදරව් කර තිබෙනවා.

රෝගය හේතුවෙන් ඇයගේ මුහුණේ මධ්‍යයේ ඉතිරි වූ සිදුරක් වසා දැමීමට කළ ශල්‍යකර්ම 9 ක් අවසානයේ ඇය මෙම තත්ත්වයට ගොදුරු වුණා.

ඇගේ වෛද්‍ය කණ්ඩායම විසින් නිකුත් කරන ලද කම්පන සහගත ඡායාරූප කිහිපයක් ඔස්සේ ඇගේ නාසය ප්‍රකෘතිමත් කිරීමට ගත් උත්සහයන් සාර්ථක වෙමින් පවතින බව පෙන්නුම් කරනවා.

වසරක් ඇතුළත ඇය සමාජ මාධ්‍යවලින් සැඟවී සිටීමට උත්සහ කළේ ඇගේ නාසය මස් කන බැක්ටීරියාවන් විසින් අනුභව කර වේගයෙන් වර්ධනය වන සිදුරක් බවට භයානක ලෙස පත් වූ බැවිනි.

මාධ්‍යවේදිනියක ද වන ඇය 2021 දී ඇගේ ‘ලස්සන මුහුණ රෝගයෙන් විකෘති වී ඇති’ බව ප්‍රකාශ කළා.

සමහර වෛද්‍යවරු ඇය granulomatosis රෝගී තත්වයෙන් පෙළෙන බව පැවසූ අතර තවත් සමහරු පැවසුවේ ඇය දුර්ලභ දිලීර රෝගයකින් පීඩා විඳින බවයි.

41 හැවිරිදි කස්මිනා ෆුට්බෝල් තරුවක් වන ඇන්ඩ්‍රි අර්ෂවින් (Andrey Arshavin)ගේ හිටපු බිරිඳයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...