බංගලාදේශයේ නව අගමැති ජනපති රනිල්ගේ සහාය පතයි

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය මුහම්මද් යුනුස් මහතා සිය රට ස්ථාවර කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ඉල්ලා ඇති බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.

බංග්ලාදේශය ස්ථාවර කිරීමට වික්‍රමසිංහ මහතාගේ සහාය අවශ්‍ය බව අගමැති යූනුස් දන්වා ඇත්තේ ජනාධිපතිවරයා ඔහුට සුබ පැතීමට දුරකථනයෙන් කතා කළ අවස්ථාවේදීය.

බංග්ලාදේශයට සහය දැක්වීමට ශ්‍රී ලංකාව උපරිමයෙන් කටයුතු කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී අග්‍රාමාත්‍ය යූනුස්ට පැවැසූ බව සඳහන්.

බංග්ලාදේශයේ ආයෝජනය කර ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ට එහි රැඳී සිට ව්‍යාපාර කරගෙන යන ලෙස තමන් දැනුම් දුන් බවද ඔහු අගමැති යූනුස් වෙත දැනුම් දී තිබෙනවා.

2022 වසරේ ශ්‍රී ලංකාවේ ඇති වූ මහජන නැගිටීමකින් එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වුණා.

යුනුස් මහතාද බලයට පත් වූයේ ඒ හා සමාන මහජන අරගලයක් ඇති වී බංගලාදේශයේ අගමැතිනිය නෙරපා හැරීමෙන් පසු ඔහුට අගමැති ධුරය ලබා දෙන ලෙස ගලා ආ ජනතා ඉල්ලීම්වලින් පසුවයි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!