තර්ජන අනුව ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වැඩි කෙරේ

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් සිටියද තර්ජන තක්සේරු කිරීම් මත පදනම්ව, ප්‍රධාන අපේක්ෂකයින්ට පමණක් ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතුවලදී වැඩි ආරක්ෂාවක් ලැබෙනු ඇති බව වාර්තා වෙනවා.

ප්‍රමුඛ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා අමාත්‍ය ආරක්ෂක අංශයේ (MSD) සහ විශේෂ කාර්ය බලකායේ (STF) පොලිස් නිලධාරීන් යොදවන බව උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එක් එක් අපේක්ෂකයන් සඳහා ආරක්ෂක පියවර අපේක්ෂකයා සහ ඔවුන්ගේ තර්ජන තක්සේරු කිරීම් අනුව වෙනස් වෙන බවයි ඔහු සඳහන් කළේ.

ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂක ප්‍රොටෝකෝල පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපේක්ෂකයින්ගේ ආරක්ෂාව සඳහා වගකිව යුතු කමිටුව එක් එක් අපේක්ෂකයින්ගේ සම්බන්ධීකාරකවරුන් හමු වූ අවස්ථාවේ මෙම තීරණ ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රධාන දේශපාලන අපේක්ෂකයින් හතර දෙනා වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ අගෝස්තු 15 වනදා නාමයෝජනා භාර දී අවසන් වූ වහාම ඔවුන්ගේ ප්‍රචාරක රැස්වීම් ආරම්භ කරන අතර, සෑම පක්ෂයක්ම රැස්වීම් 100 ක් සම්පූර්ණ කිරීම අරමුණු කර ගෙන ඇති බවයි එම කමිටුවේ දී සඳහන් වුණේ.

තම අපේක්ෂකයින්ගේ ඉදිරි ප්‍රචාරක රැස්වීම්වල කාලසටහන ලබා දෙන ලෙස කමිටුව සෑම සම්බන්ධීකාරකයෙකුටම උපදෙස් දී ඇති බව නිලධාරියා සඳහන් කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වෙන ස්ථානය අනුව අපේක්ෂකයින්ගේ ආරක්ෂාව වෙනස් වන බවද එම නිලධාරියා සඳහන් කළා.

සමස්ත මැතිවරණ කාලසීමාව තුළ, ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත සහය වීමට සන්නද්ධ හමුදා සූදානම්ව සිටින අතර, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීමට නියමිතයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විසින් සියලුම ආරක්ෂක අංශ ප්‍රධානීන්ට හමුදාව සීරුවෙන් තබා ගන්නා ලෙස උපදෙස් දී ඇති ද මේ අතර වාර්තා වෙනවා.

ජනාධිපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) අසංක කරවිට සහ ජාතික බුද්ධි ප්‍රධානී ඇතුළත් වෙනවා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!