නාම යෝජනා භාර දීම අවසන්.. අපේක්ෂකයින් 39 යි

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම සිදු කළා. පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දීම සිදු කළා.

ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා ඉදිරිපත් කිරීම සිදුකළ අතර නාමල් රාජපක්ෂ මහතා නාම යෝජනා භාර දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසයි.

සර්වජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා තරුව ලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් නාම යෝජනා භාරදීම සිදු කළා.

මීට අමතරව විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන අය ද නාමයෝජනා භාර දෙනු ලැබුවා.

නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අතර කාලය තුළදීය.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා මැතිවරණ කොමිසම නිල වශයෙන් දැනුම් දුන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!