ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ජය පැතීම වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්වීමට සංවිධාන කර තිබු ජය පිරිතක් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් නතර කිරීමට පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක එක් අපේක්ෂකයකු පමණක් ප්‍රවර්ධනය වන ආකාරයට පොදු ස්ථානයක මෙවැනි ආකාරයේ ආගමික කටයුත්තක් පැවැත්වීම මැතිවරණ නීතියට පටහැනි හෙයින් එය නතර කිරීමට මැතිවරණ කොමිසම මෙම නියෝගය ලබා දුන් බවයි කොමිසමේ ආරංචි මාර්ග පවසන්නේ.
මේ සඳහා භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් සහභාගි කරවිමට කටයුතු යොදා තිබු බව පැවසෙනවා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ගේ සහභාගිත්වයෙන් පොදු ස්ථානයක මෙවැනි දෙයක් සංවිධාන කරන්නේ නම් කොමිසම ඊට විරුද්ධ නොවන බවද කොමිෂන් සභාව පවසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසා තිබෙන්නේ මේ පිළිබඳව දැනගත් පසුව කොමිසම කළ දැනුම් දීමකින් සංවිධායකයන් එම ජය පිරිත නැවැත්වීමට එකඟ වූ බවයි.
මෙවැනි ජය පිරිතක් පන්සලක හෝ වෙනත් ආගමික ස්ථානයක පැවැත්වීම කිසිදු ගැටලුවක් නැති බව සභාපතිවරයා පවසා තිබුණා.
මේ පිළිබඳව පැමිණිල්ල ලැබීමෙන් පසුව කළ විමර්ශනවලදී එය සත්‍යයක් බව හෙළිදරව් වීමෙන් පසු අදාළ සංවිධායකයන්ගෙන් මේ පිළිබඳව කරුණු විමසා කොමිෂන් සභාවේ ස්ථාවරය ඔවුනට දැනුම්දී තිබෙනවා.