සෞදි කුමරුගේ ජීවිතය අනතුරේ

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ඊශ්‍රායලය සමඟ මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට දරන ප්‍රයත්නයන් හේතුවෙන් ඔහු ඝාතනයට ලක්වීමේ අවදානමකට ලක්ව ඇති බව එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රවෘත්ති ආයතනයක් වන Politico ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන් ගාසා තීරයේ යුද්ධය ඊශ්‍රායලය කෙරෙහි අරාබි කෝපය ඉහළ නංවා ඇති වාතාවරණයක සිය ජීවිතයට ඇති අවදානම පිළිබඳ ඔහු ඇමරිකාවේ කොංග්‍රස් සාමාජිකයන් දැනුවත් කර ඇති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

ඔහු මෙම තර්ජන අවදානම පිළිබඳ සඳහන් කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් සුන්නි සෞදි රාජ්‍ය හා යුදෙව් ඊශ්‍රායලය අතර යහපත් සබඳතා ගොඩ නැගීමට සිදු කෙරෙන සාකච්ඡා මධ්‍යයේය.

ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු 1981 දී ඊජිප්තු අන්තවාදීන් විසින් ඝාතනය කරන ලද හිටපු ඊජිප්තු නායක අන්වර් සදාත් පිළිබඳව ද අවධාරණය කරමින් ඔහු මෙම තර්ජනය පිළිබඳ පැහැදිලි කර ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා.

මෙම අවදානම් තිබියදීත්, සෞදි අරාබියේ අනාගතය සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකමින් එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ ගණුදෙනුව කරගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටි බව ඔහු පවසා තිබෙනවා.

මෙම වසර මුලදී ගාසා තීරයේ සිදු වූ දැඩි ඊශ්‍රායල ප්‍රහාරයක් අතරතුර, සෞදි අරාබිය එක්සත් ජනපදයට අවධාරණය කළේ 1967 දේශසීමා මත පදනම්ව ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිළිගන්නේ නම් මිස ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර නොගන්නා බවයි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!