කැෂියර්වරියට වට්ස් ඇප් වලින් අසැබි දර්ශන යැවූ සේල්ස් ලොක්කා මාට්ටු

23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්ස්අප් තාක්ෂණය ඔස්සේ අසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය පවසනවා.

පිරිමි පුද්ගලයකුගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මෙන්ම තර්ජනාත්මක අසැබි වැකි සඳහන් කෙටි පණිවිඩ වට්ඇප් ඔස්සේ දින කිහිපයක සිට තම ජංගම දුරකතනයට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් පන්නිපිටිය ප්‍රදේශයේ තරුණියක් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත සිදු කළ විමර්ශනයකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.

 අදාළ පැමිණිල්ලට අදාළව සිදු කළ මූලික විමර්ශනයේදී තරුණියට එම අසැබි දසුන් යොමු කළ පුද්ගලයා සිම්පත ලබාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමක ලිපිනයන් ඉදිරිපත් කර බව අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වුණා.

ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලිසිය නිත්‍ය ලෙස සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් මෙම පහත් ක්‍රියාව සිදු කළ බවට අනාවරණය කළ බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර විකුණුම් උපදේශකවරයා මීට වසර දෙකකට පමණ ඉහතදී අදාළ තරුණිය සමඟ සබඳතාවක් මාස දෙකක පමණ කෙටි කාලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය දෙදෙනාගේම එකඟතාව මත නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කාලය ගතවත්ම සැකකරුට තරුණිය කෙරෙහි ඇති ඇතිවූ ද්වේෂසහගත සිතුවිල්ලක් හේතුවෙන් මෙවැනි ක්‍රියාවක් සිදු කළ බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

පසුව කැස්බෑව, මඩපාත, මාකන්දන පදිංචි අබේගොඩ ලියනගේ දොන් ධනුෂ්ක නමැත්තා අලුත්කඩේ, අංක 7 අධිකරණයේ මහේස්ත්‍රාත් අයි.එම්. රිෂ්වාන් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...