අප්‍රිකාවෙන් පිට පළමු මංකිපොක්ස් රෝගියා වාර්තා වේ

අප්‍රිකානු මහාද්වීපයෙන් පිටත වඩාත් භයානක වර්ගයේ mpox වර්ගයක පළමු අවස්ථාව වාර්තා වූ බව  ස්වීඩනයේ සෞඛ්‍ය අංශ තහවුරු කර තිබෙනවා.

දැනට ප්‍රධාන වශයෙන් mpox Clad 1 පැතිර යන අප්‍රිකාවේ ප්‍රදේශයක සංචාරය වූ පුද්ගලයෙකු ප්‍රථම වතාවට රට තුළින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මාධ්‍ය වාර්තා පවසන්නේ එම ප්‍රභේදය වේගයෙන් පැතිර යන ප්‍රභේදයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අප්‍රිකානු කලාපයේ මේ වන විට පැතිර යමින් තිබෙන mpox රෝගය පිලිබඳ ලෝකයටම අනතුරු ඇඟවීම් කරමින් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර කිරීමෙන් පැය කිහිපයකට පසුයි මෙම රෝගියා වාර්තා වී තිබෙනවා.

වාර්තාවලට අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මුල් වරට රෝගය හඳුනා ගැනුණු අතර මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 450 ඉක්මවා ගොසිනි.

ස්වීඩන් මහජන සෞඛ්‍ය අංශ පවසන්නේ ආසාදිත පුද්ගලයා ස්ටොක්හෝම් ප්‍රදේශයේ ආරක්ෂිතව ප්‍රතිකාර ලබන බවයි.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!