ඉන්දියාව කැලඹුණු වෛද්‍යවරිය ඝාතනයෙන් පසු දූෂණය කර මරා දැමුණු හෙදියකගේ සිරුරකුත් හමුවේ

ආන්දෝලනයට තුඩු දුන් ඉන්දියාවේ කොල්කටා ප්‍රාන්තයේ වෛද්‍යවරියක් දූෂණය කර මරා දැමීමේ සිදුවීමෙන් අනතුරුව උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේ 33 හැවිරිදි හෙදියක ද දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මීට සති දෙකකට පමණ පෙර උදම් සිං නගර් දිස්ත්‍රික්කයේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ වින්දිත හෙදිය රාජකාරී අවසන් වී රෝහලෙන් ආපසු එමින් සිටියදීය. 

බදාදා (අගෝස්තු 14) පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා පවසනවා.

මියගිය හෙදියගේ මළ සිරුර දිස්ත්‍රික්කයේ හිස් ඉඩමක තිබී සොයා ගනු ලැබූ බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ. ඇ‍ය දූෂණය කර මරා දැමුණේ ජුලි 30 වැනිදා බව මේ අතර වාර්තා වුණා.

විත්තිකරු බැරේලි ප්‍රදේශයේ ධර්මේන්ද්‍ර කුමාර් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු දෛනික කුලී වැඩ කරන අයෙකි.

වින්දිත හෙදියගේ සහෝදරිය සිය සොයුරිය නිවසට නොපැමිණි නිසා පසු දිනයේ කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය ක්‍රියාත්මක වී තිබුණා. පොලිසියට ඇගේ සිරුර සොයා ගැනීමට හැකි වුණේ පසුගිය අගෝස්තු 08 වැනි දා බවයි වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

මාධ්‍ය වාර්තාවලට අනුව විත්තිකරු පළමුව වින්දිත හෙදිය ඇදගෙන ගොස් දූෂණය කර ඇති අතර පසුව ඇගේ ගෙල සිරකර මරා දමා තිබෙනවා. පසුව ඔහු ඇගේ රන් භාණ්ඩ ද ගලවාගෙන පලාගොස් ඇති බව සඳහන්.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...