හිටපු අගමැති දියණිය තායිලන්තයේ ලාබාලතම අගමැති වෙයි

තායිලන්ත පාර්ලිමේන්තුව විසින් ප්‍රකෝටිපති හිටපු නායක තක්ෂින් ෂිනවත්‍රාගේ (Thaksin Shinawatra)  දියණිය වන ප්යේතොන්තාන් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) අගමැති ලෙස තෝරා පත් කරගෙන තිබෙනවා.

37 වන වියේ පසුවන ඇය, ඇගේ නැන්දා වන යින්ග්ලක්ට පසුව, රටේ ලාබාලතම අගමැතිනිය වන අතර එම තනතුරට පත් වූ දෙවැනි කාන්තාවයි.

ඇයගේ තේරීම සිදු වන්නේ හිටපු අගමැති ශ්‍රෙතා තවිසින් (Srettha Thavisin) ව්‍යවස්ථාපිත අධිකරණයක් විසින් නෙරපා හැර දින දෙකකට පසුවයි.

පයේතොන්තාර්න් යනු, පසුගිය දශක දෙක තුළ අගමැති ධූරයට පත් වූ ෂිනවත්‍රා පවුලේ සිව්වන සාමාජිකාව ය.

ඇගේ පියා තක්ෂින් සහ නැන්දණිය යින්ග්ලක් ඇතුළු අනෙක් තිදෙනා හමුදා කුමන්ත්‍රණ හෝ ව්‍යවස්ථාමය අධිකරණ තීන්දු මගින් බලයෙන් පහ කෙරුණා.

පයේතොන්තාර්න්ගේ පත් වීම වටා ඇති තත්ත්වය තායිලන්තයේ තේරී පත් වූ ආණ්ඩුවල බලය කෙතරම් සීමා වී ඇතැයි ද යන්න පිළිබඳ ප්‍රබල සිහි කැඳවීමකි.

බ්‍රහස්පතින්දා, පයේතොන්තාර්න් පැවසුවේ, ශ්‍රෙතාගේ කාර්යය තමන් අගය කරන බව ත්, ඔහු සේවයෙන් පහ කිරීම අවාසනාවන්ත යැයි හැඟුණු බව ත් ය.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...