හමාස් ප්‍රහාරයේ පළිය ගැනීමට ඊශ්‍රායලය පලස්තීනුවන් 40,000ක් ඝාතනය කරයි

ඔක්තෝබර් 7  වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ යුද්ධය ආරම්භ වූ දා සිට මාස 11ක කාල සීමාව තුළ ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 40,074 ක් මිය ගොස් 92,537 ක් තුවාල ලබා ඇති බව පලස්තීනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,139ක් මිය ගිය අතර 200කට වැඩි පිරිසක් පැහැර ගෙන තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දත්ත නිකුත් කර ඇත්තේ පසු ගිය පැය 48ක කාලය තුළ සිදු වූ මරණ 69 සහ තුවාල කරුවන් 136 දෙනෙකු ද ඇතුළත්වය.

Latest News

error: Content is protected !!