තුර්කි පාර්ලිමේන්තුවේ ලේ හැලුණ ගුටි බැට පූජාව

තුර්කි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දෙපිරිසක් අතර ඊයේ (අගෝස්තු 16) ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

දැනට සිරගත කර සිටින විපක්ෂ නායකවරයකු පිළිබඳ උණුසුම් විවාදයක් අතරතුර මෙම ගුටු බැට හුවමාරුව සිදූවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

තුර්කියේ කම්කරු පක්ෂයේ (TIP) අහමට් සික් (Ahmet Sik), ජනාධිපති රිෂෙප් තායිප් එර්ඩෝගන්ගේ (Recep Tayyip Erdogan) පාලක පක්ෂය(Ak Party) නියෝජනය කරන දේශපාලනඥයකු අතර සභා ගර්භයේ දී මෙම ගැටුම ඇති වුණා.

සික් යනු සිරගතව සිටින TIP නායක කැන් අටලේ (Can Atala) ගේ සගයෙකි.

සික් Ak Party සාමාජිකයන් “ත්‍රස්තවාදී සංවිධානයක්” ලෙස හැඳින්වීම ගැටුමට මුල පිරූ බවයි වාර්තාවල දැක්වෙන්නේ.

පසුව එයට සභාවේ සිටි මන්ත්‍රීවරු ගණනාවක් සම්බන්ධ වූ අතර කාන්තා මන්ත්‍රීවරියක් ද පහර කා තුවාල ලබා ඇති බව වාර්තා වුණා. ලේ වැගිරීමක් ද දක්නට ලැබුණු බව මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!