ආහාර, සෞඛ්‍ය හා අධ්‍යාපනයෙන් වැට් බද්ද සීරෝ වෙන ආණ්ඩුවක් හදමු..අනුරගෙන් ඉතිහාසගත වෙන පොරොන්දුවක් 

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු ආහාර,අධ්‍යාපනය හා සෞඛ්‍ය යන අංශ සම්පූර්ණයෙන් වැට් බද්දෙන් නිදහස් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පවතින ආණ්ඩු දරුවන්ගේ පාසල් උපකරණවලින් පවා බද්දක් අය කළ ද අරක්කු මුදලාලිලා වැනි මහා පරිමාණයෙන් ධනය උපයන ව්‍යාපාරිකයන්ගේ බදු මුදල් ලබා ගැනීම සිදු නොකරන බවත් ජාතික ජන බලවේගයේ රජයක එම බදු අය කරගන්නා ආකාරය මෙහිදී පෙන්වා දීමට දුන්නා.

රට තුළ ඖෂධ නිෂ්පාදනයට වැඩපිළිවෙල නිර්මාණය කරන බවත් අඩු මිලට බෙහෙත් ලබා දීමට හැකි අඩුමිලට සෞඛ්‍ය සේවාව ලබා දීමට එමගින් හැකියාව උදාවන බව ද අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කළා.

ලයිට්බිල,සහ තෙල් මිල අඩු කරන ආකාරය ද ඔහු මෙහිදී අනාවරණය කර සිටියා.

“බඩගින්නට කන ආහාර ටිකටත් වැට් එක ගහනවා.ඖෂධ හා සෞඛ්‍ය පරීක්ෂණවලටත් වැට් එක ගහනවා.පාසල් දරුවන්ගේ අධ්‍යාපන උපකරණවලට වැට් එක ගහනවා.දරුවෙක් ඉගෙන ගන්නවට ආණ්ඩුවෙන් බද්දක් ගහනවා. අපේ ආණ්ඩුවක් යටතේ ඒ සියල්ලම වැට් බින්දුවට ගේනවා.බද්දෙන් නිදහස් කරනවා. ලෙඩක් හැදිලා බෙහෙත් කරොත් බද්දක් ගහනවා.සෞඛ්‍ය පරීක්ෂණ කරොත් බද්දක් ගහනවා.ජාතික ජනබලවේගය සෞඛ්‍ය සඳහා ගහන බදු අයින් කරනවා.බින්දුව කරනවා.එතකොට අහනවා සල්ලි කොහෙන්ද? සල්ලි තියෙනවා.අරක්කු මුදලාලිලා දෙන්නෙක් ඉන්නවා.කෝටි 664 ක් බදු ගෙවලා නෑ.ඇලෝසියස් මුදලාලි එක්කෙනෙක්.ජොන්ස්ටන් ප්‍රනාන්දු එක්කෙනෙක්.එයාලට තියෙනවා අරක්කු ෆැක්ටරි.අනිත් එක්කෙනා තමයි මේ ළඟදි සජිත්ගේ වේදිකාවට නැගපු ලක්ෂ්මන් වසන්ත පෙරේරා.අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ.බදු ගෙවලා නෑ.අර්ජුන් ඇලෝසියස්,ඔයාට රනිල් වික්‍රමසිංහ යාලුවා නිසා බදු නොගෙවා ඉන්න පුළුවන්.ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ අරක්කු ෆැක්ටරිවල හිඟ බදු සියල්ල අය කරගන්නවා.සාමන්‍ය දරුවගේ එක්සයිස් පොතට බදු ගහනවා.අරක්කු බදු එකත් කරන්නේ නැහැ.

ජයග්‍රහණය සහතිකයි.මෑත කාලයේ සිදුවීම් ගත්තත් දිනන්න පුළුවන්.හැබැයි දිනලා විතරක් මදි.මේ රටේ ඕන තරම් ආණ්ඩු හදලා තියෙනවා.ඇති තරම් නායකයෝ ගනත් තියෙනවා.හැබැයි අපි එන්නේ ආණ්ඩු හදන්න විතරක් නෙවෙයි.කඩාගෙන වැටුණු රට ගොඩගන්න තමයි ජාතික ජනබලවේගය බලය ගන්නේ.”

එවැනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීම සඳහා එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදා ජාතික ජන බලවේගයේ රජයක් නිර්ම්ණය කිරීමට පියවර ගන්නා ලෙස ඔහු මෙහිදී කියා සිටියා.

ඔහු මේ බව පැවසුවේ 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය ඊයේ සංවිධානය කළ මංගල රැලි තුනෙන් එකක් වන මාතර ජන රැලිය අමතමනි.ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නොතකා විශාල ජනකායක් අනුර කුමාර දිසානායක මහතාගේ මංගල ජන රැළි සඳහා සහභාගී වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!