ඉන්දීය වෛද්‍යවරිය ඝාතනය කුමන්ත්‍රණයක්..ඉහළම නිලධාරියෙක් සැකයි

මේ මස මුලදී ලිංගික අතවර කර ඝාතනය කරන ලද කොල්කටා වෛද්‍යවරියගේ සගයන් ඔවුන්ගේ හඬ අවදි කරමින් රෝහලේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ ඇතැම් දූෂිත ක්‍රියාකාරකම් වෙනුවෙන් ඇය දිවි පිදූ බවට චෝදනා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පැය 36 ක සේවා මුරයක් අතරතුර මඳ විවේකයක් ගැනීම සඳහා රෝහලක් සහ වෛද්‍ය විද්‍යාලයක් ද වන RG Kar රෝහලේ දේශන ශාලාවක් වෙත ගොස් සිටිය දී ඇය ලිංගික අතවරයට ලක් කර අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා. 

 ඒ අනුව රෝහලේ වෛද්‍යවරුන් පැය 36ක් එක දිගට වැඩ කිරීම ඇතුළුව ඇය විශාල වැඩ පීඩනයකට ලක්ව සිටි බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඇයගේ මරණය ලිංගික අතවර සහ මිනීමැරුමක් වැනි සරල සිද්ධියක් නොවන බව සමකාලීන සගයෙකුTimes of India පුවත්පතට පවසා තිබෙනවා.

ඔවුන් ප්‍රශ්ණ කරන්නේ ඇය සම්මන්ත්‍රණ ශාලාවේ තනිව සිටින බව අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සන්ජෝයි රෝයි දැනගත්තේ කෙසේද යන්නයි.

රෝයි “ලොකු මාළුවෙක්” එනම් ඉහළ නිලධාරියෙකු විසින් මෙහෙයවා ඇත යන ප්‍රබල සැකයක් මතුව ඇති බව ඇගේ සමකාලීන සගයින් පවසනවා. 

මේ අතර, අගෝස්තු 14 වැනිදා රාත්‍රියේ RG Kar වෛද්‍ය විද්‍යාලය හා රෝහලේ සිදු වූ අපරාධය සම්බන්ධයෙන් හඳුනාගෙන හෝ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ත්‍රිනාමූල් කොංග්‍රස පක්ෂයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු, 20 හැවිරිදි පිරිමින් කිහිප දෙනෙකු සහ කාන්තාවන් කිහිප දෙනෙකු ද සිටින බව Indian Express වාර්තා කර තිබුණා.

මේ අතර ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වන මධ්‍යම විමර්ශන කාර්යාංශය (CBI) සෙනසුරාදා දෙවනි දිනටත් RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ හිටපු විදුහල්පති වෛද්‍ය Sandip Ghosh ගෙන් ප්‍රශ්ණ කරනු ලැබුවා.

අගෝස්තු 9 වැනිදා වෛද්‍යවරියගේ සිරුර සොයා ගැනීමෙන් දින දෙකකට පසු හිටපු විදුහල්පතිවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වුණා.

ඔහු ප්‍රහාරයක් එල්ල වේ යැයි බිය පළ කර ඇති අතර, ඔහුගේ නීතිඥවරයා කල්කටා මහාධිකරණයෙන් ආරක්ෂාව ද ඉල්ලා තිබෙනවා.

මෙම විදුහල්පති වෛද්‍යවරයාගේ දූෂිත ක්‍රියාකාරකම් ගණනාවක් විද්‍යාලයේ වෛද්‍යවරුන්ගේ විවේචනයට ලක්වී ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු වෛද්‍ය සිසුන් සඳහා පාසලේ සිය කාර්යාලය තුළ දී මත්පැන් සපයන බවට ද චෝදනා එල්ල වුණා.

එමෙන්ම සිදුවීම සිදු වූ ස්ථානයේ CCTV දර්ශන ක්‍රියාත්මක නොවීම හා අපරාධය සිදු වූ ස්ථානය හදිසි ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම පිළිබඳව ද රෝහලේ ඉහළ නිලධාරීන් වෙත දැඩි ලෙස චෝදනා එල්ල වෙමින් පවතී.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...