ලන්ඩන් හෝටලයක දී ඉන්දියානු ගුවන් සේවිකාවකට ප්‍රහාරයක්:නවාතැන් ගත් හෝටලයේ තවත් අමුතු සිදුවීම්

මෙම සතිය මුලදී එයාර් ඉන්දියා ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සේවිකාවකට ලන්ඩන් හෝටලයකදී පහර දීමක් සිදුව ඇති බව ‘The Hindu’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ (අගෝස්තු 15) රාත්‍රියේ හීත්‍රෝ ගුවන් තොටුපළ අසල Raison Red හෝටලයේදීය.

ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය නවාතැන්ගෙන සිට ඇත්තේ එම ස්ථානයේයි.

කාර්ය මණ්ඩල සාමාජිකාව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බවයි වාර්තාව පවසන්නේ.

ප්‍රහාරය මධ්‍යම රාත්‍රියෙන් පසුව, ආසන්න වශයෙන් රාත්‍රී 1.30ට පමණ සිදුව ඇති අතර ගුවන් සේවිකාව නින්දේ සිටින අතර මෙම නාඳුනන පුද්ගලයා කාමරය තුළට ඇතුළු වී ඇඳුම් එල්ලන උපකරණයකින් ඇයට පහර එල්ල කර තිබෙනවා.

“ඇය තිගැස්සී අවදි වී උදව් ඉල්ලා කෑගැසුවා”  

කාර්ය මණ්ඩලයේ සාමාජිකාවට පහර දීමෙන් සැලකිය යුතු තුවාල සිදු වී ඇතැයි සඳහන්.

අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ නමුත් අවසානයේ පොලිසිය විසින් අල්ලා ගත් බව වාර්තා වෙනවා.

සිද්ධියට පෙර එයාර් ඉන්දියා කාර්ය මණ්ඩලය විසින් හෝටලයේ ආරක්ෂාව පිළිබඳ පැමිණිලි සිදු කර ඇති බව ද වාර්තා පවසනවා.

The Hindu පුවත්පතට අනුව, අඩු ආලෝකය සහිත කොරිඩෝ, මිනිසුන් රහිත පිළිගැනීමේ ප්‍රදේශයක් සහ නාඳුනන පුද්ගලයින් ඔවුන්ගේ දොරට තට්ටු කිරීමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ කාර්ය මණ්ඩලය පැමිණිලි කර ඇති බවයි පැවසෙන්නේ.

Latest News

More like this

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...