ජනාධිපති කාර්යාලයේ නියෝගයෙන් දිස්ත්‍රික්ක හයක මිලියන 200ක රිෂාඩ්ගේ ව්‍යාපෘති නවතී..

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා ලබාගෙන තිබුණු රුපියල් මිලියන 200කට අධික වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

මන්නාරම, වව්නියාව, මුලතිව්, පුත්තලම, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක හයේ සංවර්ධන කටයුතු සිදු කිරීමට රිෂාඩ් බදියුදීන් මීට පෙර අනුමැතිය ලබා ගෙන තිබුණා.

එම ප්‍රදේශවල ජනතාවගේ හදිසි සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම සංවර්ධන සමිතිවල, සුබසාධන සංගම්වල සහ අනෙකුත් ප්‍රජා මූලික සංවිධානවල ඉල්ලීම් මත මෙම ව්‍යාපෘති පදනම් වූ බවයි බදියුදීන් පවසන්නේ.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී එස්.ඒ.පී. කුමාරි ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙමින් එම ව්‍යාපෘති නවතා දමන ලෙසත් එම මුදල් වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරන ලෙසත් උපදෙස් ලබා දී තිබෙනවා.

ගණකාධිවරියගේ අත්සනින් යවා ඇති ලිපියට අනුව, මෙම ලිපිය ලැබුණු බව වහාම දන්වන ලෙසත්, මෙම ප්‍රතිපාදන භාවිතා කරමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකරන ලෙස ද ඉල්ලා තිබෙනවා.

ඊට පසු දින රිෂාඩ් බදියුදීන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යවමින් කියා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ඔහු කළ ප්‍රකාශයෙන් පසුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබීම අතිශයින් සැක සහිත බවයි.

ඔබගේ අනුදැනුමකින් තොරව ඇතැම් නිලධාරීන් සදාචාර විරෝධී ලෙස දෙනු ලබන මෙම නියෝග පිළිබඳ කණගාටුවන බවත් එම නියෝගය අවලංගු කර දෙන ලෙසත් ඔහු එම ලිපියෙන් වැඩි දුරටත් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ. 

නියෝග අවලංගු නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාවට අභියාචනා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු එහි සඳහන් කර ඇති බව සඳහන්.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...