තායිලන්තයේ ලාබාලතම අගමැතිනිය දිවුරුම් දෙයි

තායිලන්තයේ නව අගමැතිනිය ලෙස තායිලන්තයේ රජු විසින් නිල වශයෙන් පිළි ගැනීමෙන් අනතුරුව ප්යේතෝතාන් ෂිනවත්‍රා (PaetongtarnShinawatra ) අද ( අගොස්තු 18) දිවුරුම් දුන් බව වාර්තා වෙනවා.

ඒ තායිලන්තයේ ලාබාලතම අගමැතිවරිය බවට පත් වෙමින්. 

තායිලන්ත අධිකරණය එරට අගමැති ශ්‍රෙත්තා තවිසින් අගමැති ධුරයෙන් නෙරපා හැර දින කිහිපයකට පසු සිකුරාදා පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්දයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයකින් ජයග්‍රහණය කර අගමැති ධුරයට පත්වීමට ඇයට හැකි වුණා.

බෙදුම්වාදී හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාගේ දියණිය වන 37 හැවිරිදි ප්යේතොන්තාන් සහ තායිලන්තයේ පළමු කාන්තා අගමැතිනිය වන යින්ලක් ෂිනවත්‍රාගේ ලේලිය වන ඇය මෙලෙස බලයට පත් වන්නේ ප්‍රබල දේශපාලන පවුලක ඊළඟ පුරුක ලෙසයි.

තායිලන්තයේ දෙවන කාන්තා අගමැතිනිය සහ Pheu Thai පක්ෂයේ නායිකාවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ සහ සභාග හවුල්කරුවන්ගේ ප්‍රබල සහයෝගය හිමිව ඇති බව ඇති බවයි වාර්තා වන්නේ.

සිය දියණිය දිවුරුම් දෙන අවස්ථාවට හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා ද එක් වී සිටියා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...