(Lakvahini) – මේ දවස්වල දේශපාලන වේදිකාවේ වැඩිපුරම කතා වෙන නමක් තමයි යෝෂිත රාජපක්ෂ. අල්ලස් කොමිසමෙන් කැඳවලා, අත්අඩංගුවට අරගෙන, අධිකරණයට ඉදිරිපත් කරලා, ඊට පස්සේ ඇප මත මුදාහැරියා. හැබැයි ප්‍රශ්නය මෙච්චරයි…
යෝෂිත ඇත්තටම කරපු වරද මොකක්ද?
අපි ටිකක් අතීතයට යමු…
යෝෂිත කියන්නේ සෙන්තෝමස් විද්‍යාලයේ රග්බි තරුවක්. පාසලේ රග්බි නායකයා. ඊට පස්සේ නාවික හමුදාවට බැඳෙනවා. බොහෝ දෙනෙක් දන්නේ එච්චරයි.
හැබැයි 2016දී අල්ලස් කොමිසමට පැමිණිල්ලක් යනවා. චෝදනාව මොකක්ද?
👉 නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙක් වෙන්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් යෝෂිතට තිබුණේ නැහැ කියන චෝදනාව.
ඒකෙන් පස්සේ තමයි කතාව උණුසුම් වෙන්නේ.
හැබැයි මේ කතාව තේරුම් ගන්න නම් අපි යන්න ඕනේ යුද්ධ කාලෙට.
ඒ කාලේ ශ්‍රී ලංකා හමුදාවට තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි සෙබළුන්ගේ හිඟය. යුද්ධය දරුණුයි. හමුදාවෙන් පැනලා යන පිරිසත් වැඩියි. තමන්ගේ දරුවෝ හමුදාවට යවන්න දෙමාපියෝ බයයි.
ඒ වෙලාවේ රටේ නායකත්වය ඉදිරියේ ප්‍රශ්නයක් තිබුණා.
“රට බේරගන්න නම් තරුණයෝ හමුදාවට එන්න ඕනේ… ඒත් එයාලා එන්නේ කොහොමද?”
ඔන්න ඒ වෙලාවේ විශාල ජනමාධ්‍ය ප්‍රචාරණ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා.
හැබැයි හමුදා නිලධාරීන්ගේ මතය වුණේ තවත් දෙයක්.
“ජනතාවට කතාවෙන් විතරක් බැහැ. නායකයාගේම පවුලෙන් කෙනෙක් හමුදාවට එනවා කියලා ක්‍රියාවෙන් පෙන්නන්න ඕනේ.”
ඒ අනුව රාජපක්ෂ පවුලෙන් යෝෂිත නාවික හමුදාවට යොමු වුණා කියන කතාව තමයි එවකට සිටි ඇතැම් හමුදා නිලධාරීන් අදත් කියන්නේ.
හැබැයි මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි…
යෝෂිතට තිබුණේ නැහැ කියන අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය.
ඒ සඳහා නාවික හමුදාවේ බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කළ බවත්, ඒ අනුව අලුත් අයදුම්පත් කැඳවූ බවත් සඳහන් වෙනවා.
ඒ කියන්නේ නඩුවේ ප්‍රධාන තර්කය යෝෂිත සුදුසුකම් නැතුව බැඳුණාද කියන එක නෙවෙයි…
👉 ඒ සුදුසුකම් සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලද කියන එකයි.
ඒ අනුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව වුණේ “වරදක් සිදු කිරීමට සහාය වීම” සම්බන්ධ චෝදනාවක්.
කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කරුණු සලකා බැලීමෙන් පසුව යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරියා.
හැබැයි මේ සිද්ධිය තවමත් දේශපාලන වේදිකාවේ උණුසුම් මාතෘකාවක්.
එක පැත්තකින් කියන්නේ “නීතිය සැමට සමාන විය යුතුයි” කියලා.
තවත් පැත්තකින් කියන්නේ “මේක යුද්ධ සමයේ ගත් විශේෂ තීන්දුවක ප්‍රතිඵලයක්” කියලා.
ඉතින් ඇත්ත කොතැනද?
ඒක තීරණය කරන්න වෙන්නේ අධිකරණයටයි… ජනතාවටයි.
