රනිල්,සජිත්,නාමල්,අනුර සිව් දෙනාටම යළිත් විවාදයකට ඇරයුම්

ඩේලි මිරර් සහ ලංකාදීප පුවත්පත් විසින් පවත්වනු ලබන සජීවී ජනාධිපති විවාදයක් සඳහා ඩේලි මිරර් නැවත වරක් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් වන රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක වෙත විවෘත ආරාධානයක් කර තිබෙනවා.

ඩේලි මිරර් පුවත්පත විවාදයක් සඳහා අපේක්ෂකයින්ට ආරාධනා කරන දෙවන අවස්ථාව මෙයයි.

මීට මාස දෙකකට පෙර සිදු කළ මුල්ම ආරාධනයේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පමණක් ආරාධනාව පිළිගත් අතර ජනාධිපති වික්‍රමසිංහ එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

සජිත් ඊට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

“මෙය එකිනෙකාගේ බෙල්ල කැපීමට හෝ කිසිවකුට සමච්චල් කිරීමට වේදිකාවක් නොවේ. විවාදයක් සඳහා වේදිකාව පමණයි.. අපේක්ෂකයින් අභියෝගය භාරගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.” ඩේලි මිරර් ප්‍රධාන කර්තෘ ජමිලා හුසේන් පවසා තිබෙනවා.

ඒ අනුව,මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ තීරණය කිරීමට සති කිහිපයක් ඉතිරිව තිබිය දී නැවතත් එම ආරධනය සිදු කරන බවයි පුවත්පත පවසා ඇත්තේ.

 

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!