ඩලස් හොරෙන්ම ගිහින් මාළිමාවේ දොරට තට්ටු කරලා..වෙච්ච දේ..ලැජ්ජයි

පක්ෂ මාරු නොකරන ප්‍රතිපත්ති ගරුක එකම දේශපාලන පක්ෂය ජාතික ජන බලවේගය බව ඊයේ (17) මාතර නගරයේ පැවති මංගල රැළිය අමතමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.

මේ වන විට අනෙකුත් දේශපාලන පක්ෂවලට ගොඩ වී සිටින බොහෝ දේශපාලනඥයින් ප්‍රමාණයක් ඒවාට ගොඩ වීමට පෙර ජාතික ජන බලවේගයේ සරණාගතභාවය අපේක්ෂා කළද එම පුද්ගලයින්ගේ අතීත ක්‍රියා කලාපය හේතුවෙන් ප්‍රතික්ෂේප කළ බවයි ඔහු පවසා සිටියේ.

ඉස්සෙල්ලම මේ දේශපාලනය සුද්ධ කරන්න ඕන.කැත දේශපානය.2019 ජනාධිපති ඡන්දේ ඩලස් අලහපෙරුමගේ කතාව ඇහුව නම් පොහොට්ටුව වේදිකාවේ.අද එයාම අකුරැස්සෙ කතා කරනවා සජිත්ගේ වේදිකාවේ.ලැජ්ජ නැද්ද?එදා බැන්න.අද හොඳ කියනවා.එක්කො ඩලස් මැරිලා ඉපදෙන්න ඔන.නැත්නම් අපි මැරිලා ඉපදෙන්න ඕන.මේ වෙන දෙයක් නෙවෙයි.ඊළඟ ඡන්දෙන් කොහොමද පාර්ලිමේන්තුවට ගොඩ වෙන්නේ.රට ගැන හිතලද?ප්‍රතිපත්ති ගැන හිතලද?රටේ අනාගතය ගැන හිතලද?අනාගතය ගැන හිතන කෙනෙක් ඉන්නවනම් රට ගැන හිතන කෙනෙක් ඉන්නව නම් සජිත්ගේ වේදිකාවට නගීද?පහේ ශිෂ්‍යත්වේ ළමයින්ගේ කථික තරගයක් නම් එයාට සහාය දෙන්න පුළුවන්.රට භාර දෙන්න.. 

අපිටත් ගොඩක් අය කතා කරා.ඩලස් කතා කරා.දොර ඇරලා බැලුවා.ඩලස්.පැටිකිරිය හොඳ නෑ.එපා කිව්වා.

අපේ රටේ තියෙන්නේ ගෙඹි දේශපාලනයක්.එහෙට පනිනවා.මෙහෙට පනිනවා.මේ ළඟ දි රාජිත පැන්නා ආයේ.එහෙට පැනලා මෙහෙට පැනලා රාජිත කොයි වෙලේ හරි කකුල පැටලිලා වැටෙනවා.87 ඉඳන් පනින්නේ.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක පැන්නොත් මන්ත්‍රීකම ඉවරයි” යනුවෙන් ඔහු සඳහන් කළා.

Latest News

More like this

ග්‍රෑම් 825 බැගින් වන බොරු පියයුරු ඉවත් කළ ඉන්දියානු නිළිය…

ෂර්ලින් චොප්රා කියන්නේ ඉන්දියානු නිළියක්. ඇය මේ දවස්වල බොලිවුඩ්වල...

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...