යුක්‍රේන ප්‍රහාරයකින් රුසියාවේ ඉන්ධන පර්යන්තයක ගින්නක්.හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි.

දකුණු රුසියානු නගරයක් වන Proletarsk හි ඉන්ධන පර්යනතයකට (අගෝස්තු 18) යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු හටහත් ගින්නක් සමඟ රුසියාව එම ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

20,000ක පමණ ජනතාවක් වෙසෙන නගරයේ ඉන්ධන ගබඩාවක ඇති වූ ගින්න නිවා දැමීමට පැය 24කට අධික කාලයක් ගිනි නිවන භටයින් සටන් වදිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

තෙල් පර්යන්තයේ ගින්න ඉරිදා උදෑසන ආරම්භ වූ අතර එය දෙවන දිනටත් ඇවිලෙමින් පවතින බව AFP වාර්තා කර තිබෙනවා.

තවමත් “අඛණ්ඩව පවතින” ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයින් 18 දෙනෙකු තුවාල ලැබූ බව බලධාරීන් සඳහන් කර තිබෙනවා. 

ඔහු ප්‍රකාශ කළේ “ගින්නේ බරපතලකම සැලකිල්ලට ගෙන Proletarsk ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කෙසේ වෙතත් රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ ගින්න නේවාසික ප්‍රදේශවලට පැතිරීමේ තර්ජනයක් නොමැති බවයි. 

එම නිසා”භීතියට පත් නොවන ලෙස” බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.

වසරකට ආසන්න කාලයක් තිස්සේ යුක්‍රේනය රුසියාවේ ඉන්ධන මර්ම්ස්ථාන ඉලක්ක කරමින් පවතින අතර යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලනෙස්කි (Volodymyr Zelensky) මෙම ප්‍රහාරය හැඳින්වූයේ මොස්කව් සිය රටට එල්ල කළ ප්‍රහාරවලට “සාධාරණ” ප්‍රතිප්‍රහාරයක් වශයෙනි.

මෑතකදී, අගෝස්තු 6 වන දින යුක්‍රේනය Kursk කලාපයට ද මෙවැනිම දරුණු ප්‍රහාරයක් දියත් කර තිබුණා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...