මව අතින් දරුවාට වෙඩි 

සූරියවැව කපුකිණිස්ස ප්‍රදේශයේ නිවසක් තුළ දී සිය මව අතින් වායි රයිෆලයක් පත්තු වී තුන් හැවිරිදි පිරිමි දරුවකු තුවාල ලබා තිබෙනවා.

යාබ ද නිවසක පොල් ගසකට හේත්තු කර තිබූ රයිෆලය ඇය විසින් පරීක්ෂා කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව තිබෙනවා.

මව කිසියම් මානසික රෝගයකට ද ප්‍රතිකාර ලබන්නියක් බවයි වාර්තා වන්නේ.

වායු රයිෆලය ක්‍රියාත්මක වීමෙන් නිකුත් වූ උණ්ඩය දරුවාගේ නිකට ප්‍රදේශයට වැදී ඇති අතර දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!