සජබයේ අළුයට ගිනි පුපුරු

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවට සුජීව සේනසිංහ මහලේකම් තනතුරට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් උත්සහයක් මෙන්ම පක්ෂ අභ්‍යන්තරයේ ඇතැම් නායකයින් කිහිප දෙනෙක් පමණක් සජිත් මෙහෙයවීම හේතුවෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු රාශියක් පැන නැගී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

රංජිත් මද්දුම බණ්ඩාරට ඒ අනුව පක්ෂය අභ්‍යන්තරයේ කැපිල්ලක් මතුව ඇති බවයි සඳහන් වන්නේ.

ආරංචි මාර්ග පවසන ආකාරයට ඔහුට ලබා දී ඇති අගමැති ධූරය ද නිදහස් ජනතා සභාවේ ජී.ඇල් පීරිස් වෙත ලබා දීමට වන සාකච්ඡා තව දුරටත් සිදු වෙමින් පවතී.

තිස්ස අත්තනායක,කබීර් හෂීම්,තලතා අතුකෝරල,හර්ෂ ද සිල්වා වැනි සමගි ජන බලවේගය ගොඩ නැගීමට මුල සිට දර දිය ඇද්ද නායකයින් ද පක්ෂ අභ්‍යන්තරය තුළ ඇති තත්ත්වය පිළිබඳ කණස්සල්ලෙන් පසු වන බවයි වාර්තා වන්නේ.

මෙම අභ්‍යන්තර ගැටලුව පිළිබඳ රනිල් පාර්ශවය ද මේ වන විට දැඩි අවධානයකින් සිටින බව පැවසෙනවා.

ඒ අවසාන මොහොතේ හෝ සජබයෙන් ගැලවී යන පුරුකක් දෙකක් හෝ ඔවුන්ගේ පාර්ශවයට බිලී බා ගැනීමේ අරමුණෙන් බවයි සඳහන් වන්නේ.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!