රන්ජන්ට පූර්ණ ජනපති සමාව

වසර ගණනාවක් තිස්සේ දූෂණයට වංචාවට විරුද්ධව හඬ නැගූ පුද්ගලයෙක් ලෙස රන්ජන් රාමනායක මහතා ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතීම සතුටින් භාර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය විමසූ කරුණු කිහිපයකට පිළිතුරු දෙමින්.

මේ වන විට ප්‍රජා අයිතිය අහෝසි වී සිටින රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය ලබා දීමට සූදානම් දැයි මාධ්‍ය විමසු විට විජිත හේරත් මහතා ප්‍රතිචාර ලබා දී තිබුණේ මෙසේය.

“එතුමාට අසාධාරණයක් වුණා. එතුමා හොරෙක් නෙවෙයි.හොරකම් කරලා වංචා කරලා හිරේ ගිය කෙනෙක් නෙවෙයි.ඇත්ත කතා කරල හිරේ ගිය කෙනෙක්.එවැනි කෙනෙක් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න වගකීමක් යුතුකමක් අපට තියෙනවා.ජනාධිපතිවරණයෙන් පසු අසාධාරණයට ලක් වූ අයට සාධාරණය ඉෂ්ට කරන්න අපි සූදානම්.’

“හොරු අල්ලන්න පුළුවන් හොරුන්ට විතරයි.මේ රට ගොඩ ගන්න නම් හොරකම නැති කරන්න ඕන.හොරකම නැති කරන්න නම් මහ බැංකු හොරුන්ව අනිවාර්යයෙන් නීතිය හමුවට ගේන්න ඕන.ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් විතරක් නෙවෙයි මේකට උපදෙස් දුන්න මහ මොළකරුවත් නීතිය හමුවට ගේනවා”

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...