මේකප් සෙල්ලම්වලට අහුවෙන තාත්තා! සාරංගගේ දෝණි එක්ක සුන්දර මොහොත

(Lakvahini) – ජීවිතයේ බොහෝ භූමිකා අතරින් ‘තාත්තා’ යන භූමිකාවට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. දරුවෙකුගේ අත් අල්ලගෙන පළමු පියවර තැබීමට සිහින දකින පියවරුන් සැබැවින්ම ආදරණීය, ආරක්ෂාකාරී නිහඬ බරපතළ පියෙකුගේ ස්වභාවයක් ලබා දෙයි. පියවරුන්ගේ දයාබර හදවත නිහඬව සඟවාගෙන බාහිරින් රළු ලෙස පෙනෙන්නට උත්සාහ කරන්නේ ඔවුන්ගේ ආදරණීය දරුවෙකු සහ දියණියකගේ ආරක්ෂාව උදෙසාය. ඒ ජනප්‍රිය කලාකරුවෙකු වූ රංගන ශිල්පී සාරංග දිසාසේකර සහ ඔහුගේ ආදරණීය දියණිය සාරන්‍යායි. සාරංග සහ දියණිය අතර ඇති ඒ අපූර්ව බැඳීම, මතකයන්, සිනහවන් සහ හදවත පිරෙන ආදරය ගැන පියෙකු ලෙස ඔහු හඬ අවදි කළේ මෙලෙසයි.

පියෙක් විදිහට ජීවිතයට අලුත් ආරම්භයක් එකතුවුණ ඒ මොහොත මතක් කළොත්?
ඇත්තටම ඒක වචනවලට පෙරළන්න බැරි අමුතු හැඟීමක්. මොකද තමන්ට දාව තමන්ගේම ලෙයින් දරුවෙකු උපතක් ලබනවා කියන්නේ ඒක වෙනම දෙයක්. තාත්තෙකුට වගකීම් සහගත දෙයක්. වචන වලින් කියන්න හරිම අමාරුයි. හැබැයි දිනපොතේ මම ඒයා පිළිසිඳගත්ත දවසේ ඉඳලම සැලසුමක් තිබුණා. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු සහගත ලෙස අපි හිටියා. සාමාන්‍යයෙන් හදිසිවෙලා මුලින්ම අතර දොලහක් නිරෝගී දරුවෙක් කියලා වෛද්‍යවරුන් කියනකල් තිගැස්මෙන් හිතෙනවනේ. එයා ඉපදිලා චූටි ලස්සන මල් කැකුළක් වගේ අතට ගනිද්දි ජීවිතේ කවදාවත් නොලබපු විදියේ හැඟීමක් සතුටක් මට දැණුනා.

දියණිය සතුන් අතර අමතක නොවන සිදුවීම් මතකයන් ඇති?
එයත් එක්ක ගතවෙන හැම මොහොතක්ම මට අමතක නොවන මොහොතක්. ඇත්තටම මට අද වගේ තවම මතකයි එයා මුලින්ම හිනාවුණ මොහොත. මලක් වගේ හදවතින්ම මගේ අතේ ඉඳගෙන හිනා වුණ ඒ මොහොත හැමදාකම මතකයේ රැඳෙයි. ඒ වගේම එයා හරි කරුණාවන්ත ළමයෙක්. නර්තනයට හරි කැමතියි. සින්දුවක් ඇහුණ ගමන් නටනවා. ඉතින් ඒ හැම මොහොතක්ම සුන්දර මතකයක් ඉතිරි කරනවා.

දුව ඔබට කතා කරන්නේ අප්පච්චි කියලද? සාරංග කියලද?
බාබා මට කතා කරන්නේ තාත්ති කියලා.

ඔබ බබාව ජීවිතයේ ජීවත්වෙන්න අභිමානයෙන්ම ලබාදීමට කැමති වටිනාකම් මොනවාද?
වටිනාකම විදිහට මම හිතන්නේ ප්‍රධානත්වයෙන්ම පොළොවේ පයගහලා ඉන්න තමයි පුරුදු කරන්න ඕනෑ. දැනටත් එයා එහෙමයි. හැමෝම එක්ක හරි සුහදශීලී විදිහට කතාබහ කරනවා. එයා කවදාහරි කරුණාවන්තකම, නිහතමානීකම, සත්‍යවාදී බව සහ හොඳ මානුෂීය ගතිපැවතුම් ඇති කෙනෙක් වෙනවා නම් මම හරි කැමතියි.

දියණියකගේ අනාගතය ගැන සිහින දකින පියෙක් ලෙස ඇයව ලෝකෙ දකින්න කැමති මොන විදිහටද?
මම කැමතියි හොඳ පුරවැසියෙකු විදිහට කාවවත් ධරන් නොවී එයා ගැන සමාජයේ මිනිස්සු හොඳ චරිතයක් විදිහට කතා කරනවා නම් ඒ දේට මම කැමතියි. වෘත්තීය වශයෙන් එයා මෙන්න මේ දේ කළයුතුයි කියලා මම එයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ. එයා දක්ෂතාවයක් පෙන්නන ඕනෑම දේකට තාත්තා කෙනෙක් විදිහට මට ලබාදෙන්න පුළුවන් ආශිර්වාදය, සහයෝගය උපරිමයෙන්ම දෙනවා.

පියෙකු වීම නිසා සාරංග බබාව තිබ්බ ජීව ගුණ වෙනසක් සිද්ධවුනාද?
ජීවිතේ මට ලැබුණ වටිනාම තෑග්ග දුව. මට දිනන්නී දුන්න වටිනාම තෑග්ග සහ විශ්වයෙන් ලැබුණ වටිනාම තෑග්ගත් ඇයයි.

දියණියකගේ පියෙකු වීම නියම තෘප්තිය කොහොමද? පියෙක් ඇවිලීන්න වෙන සුන්දරම දඬුවම එකක් මතක් කලොත්?
සුන්දර දඬුවම් ගැන මතක් කලොත් නම් එයාගේ කොණ්ඩ සැලසුම් සහ වේශ නිරූපණයන් වලට නිතරම වගේ මාව අහුවෙනවා. මේකප් දාන්න, එයා කැමති සෙල්ලම් කරන්න, බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නත් වෙනවා. ඒවා තමයි ඉතින් තාත්තා කෙනෙක් විදිහට මම විඳින සුන්දර දඬුවම.

අවසන් වශයෙන් මෙලොව දරුවන් ඉන්නා තාත්තලාගේ පරම්පරාවට වඩා සිංහල පියවරුන් වෙනුවෙන් වචනයක් තැබුවොත්?
හුඟක් පියවරුන් කියවන්න අමාරු පොත් වගේ. එයාලා දරුවොත් එක්ක ඒ තරම් විවෘත වෙන්නෙත් නැහැ, නමුත් අපේ තාත්තලාගේ පරම්පරාවට වඩා දැන් ඉන්න පියවරු දරුවන් සමඟ හුඟක් විවෘතයි කියලා කියන්න පුළුවන්. මම හිතනවා ඒ විවෘතභාවය හොඳයි කියලා. නමුත් මේ තියෙන ආර්ථික මට්ටම එක්ක, සමාජ පීඩනය, පවුලේ බර කරට අරන්, දරුවෙකුට සෙනෙහස ආදරය ලබාදෙමින් කටයුතු කරන එක තාත්තෙකුට පහසු නැහැ. ඉතින් පියවරුන්ගේ නිහඬ සේවයක්. ඉතින් පියවරුන්ගේ දිනය වෙනුවෙන් මම සියලුම පියවරුන්ට සුබපතනවා.

Latest News

error: Content is protected !!