අලුවිහාරේගේ ලක්ෂ දෙකේ ෆෝන් එකත් රිළවෙක් උස්සලා

රුපියල් දෙලක්ෂයකට අධික වටිනාකමින් යුත් තම ජංගම දුරකථනය රිළවකු විසින් සොරකම් කරනු ලැබ ඇතැයි මාතලේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ පවසයි.

සිය වාහනය තුළ ජංගම දුරකථනය තබා පිටතට ගොස් නැවත වාහනයට පැමිණෙන විට අවට ගස්වල සිටි රිළා රංචුවක සිටි රිළවකු වාහනය තුළට රිංගා දුරකථනය රැගෙන ගොස් තිබුණු බව හෙතෙම සඳහන් කළේය. වාහනය තුළ තිබෙන භාණ්ඩ, ඇඳුම්, දුරකථන ආදිය මෙසේ රිළවුන් විසින් පැහැරගෙන ගොස් ඇති අවස්ථා වාර්තා වී ඇති බවත් මාතලේ ප්‍රදේශයේ නිවෙස් තුළ තබා ඇති විවිධ භාණ්ඩ මේ අන්දමට රිළවුන් විසින් පැහැරගෙන යෑම සුලබව සිදුවන බවද ඔහු පැවැසීය.

වගාවලට හානි පමුණුවන රිළවුන් පොල් වගාවටද දැඩි ලෙස අලාභහානි පමුණුවන බව සඳහන් කළ ඩල්ජිත් අලුවිහාරේ හිටපු නගරාධිපතිවරයා රිළවුන්, වඳුරන් හා දඬු ලේනුන් වගාවලට සිදුකරන හානිය නිසා ගොවීන්ට සිදුවන අලාභය සුළුපටු නොවන බවද පෙන්වා දුන්නේය.

චීනය ඇතුළු විදේශ රටවලින් රිළවුන් සඳහා ඉල්ලුමක් ඇත්නම් එම ඉල්ලීම්වලට අනුව හැකි තරම් රිළවුන් යැවීමෙන් රටේ කෘෂි ආර්ථිකයට සිදුවන පාඩුව මඟහරවා ගත හැකි බවද ඔහු පැවැසීය.

– mawbima

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...