ගාලූ‍ මුවදොර පිටිය තමන්ගේ අභිමතයට ගැනිම ආණ්ඩුවේ බියගුළු වැඩක්

ජන බලයක් නැති, නිල බලයක් පමණක් ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙමින් ගාලු මුවදොර පිටියත් තමන්ගේ අභිමතයට පමණක් භාවිත කිරීමට තීරණය කිරීම දැඩිව හෙළා දකින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, වසන්ත සමරසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයාත්, රජයත් මහජනතාවට බිය වී ඇති බවත් මෙවන් කරුණු හරහාත් සහ ඡන්ද කල් දැමීමෙනුත් පිළිබිඹු කරන්නේ එය බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයට ගාලු මුවදොර හෝ ඒ ආශ්‍රිතව ජාතික අවුරුදු උළෙල, මියැසි ප්‍රසංග පැවැත්විය හැකියි. නමුත් මේ අයිතිය හැමෝටම ලැබෙනවාද? මේ ජනපතිවරයා සහ ආණ්ඩුව ජනතා ද්‍රෝහීව කටයුතු කරමින් රටක ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝන කරනවා. මේ රජයට හෝ ජනාධිපතිවරයාට ජන බලයක් නැහැ. ව්‍යවස්ථාවෙන් ආරෝපණය කර ගත් නිල බලය යොදා ගනිමින් තමයි මේ අය ජනතා ද්‍රෝහී තීරණ ගන්නේ යැයි ද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...