ඊලොන් මස්ක්ට ට්‍රම්ප්ගෙන් කැබිනට් තනතුරක්

නොවැම්බරයේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් තම කැබිනට් මණ්ඩලයට හෝ ඉහළ උපදේශක තනතුරකට පත් කිරීම ගැන සලකා බලන බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා (අගෝස්තු 19) ප්‍රකාශ කළා.

“ඔහු ඉතා දක්ෂ පුද්ගලයෙක්. ඔහු එය පිළිගන්නේ නම් මම එය නිසැකවම ලබා දෙමි” ට්‍රම්ප් රොයිටර් පුවත් සේවයට එසේ පැවසුවේ රොයිටර් පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

ප්‍රකෝටිපතියකු වන ඊලොන් ඔහුගේ සමාගමක් වන ‘X’ ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වමින් එම වගකීම භාර ගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා.

පසුගිය සතියේ, ට්‍රම්ප් සහ මස්ක් X හි පැය දෙකක සාකච්ඡාවක් සිදු කළ අතර ඔවුන්ගේ සංවාදය අතරතුර ජාතික ණය අධ්‍යයනය කිරීම සහ කොන්ග්‍රස් වියදම් සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලද රජයේ කොමිසමකට සම්බන්ධ වීමට මස්ක් කැමැත්ත ප්‍රකාශ කර සිටියා.

පසුගිය මාසයේදී හිටපු ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ උත්සාහයෙන් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරණ සටනේදී ට්‍රම්ප්ට සහයෝගය දක්වන බවට වන ඊලොන්ගේ මතය පළමු වරට ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් වුණා.

විදුලි වාහන සඳහා ජෝ බයිඩන්ගේ පාලනයෙන් පනවා ඇති ඩොලර් 7500 ක බදු බැර ට්‍රම්ප් විසින් විවේචනය කිරීමත් ඔහු නැවත ධවල මන්දිරයට තේරී පත් වුවහොත් එය අහෝසි කරන බවට ප්‍රකාශ කිරීමත් හේතුවෙන් ඊලොන් මෙවර ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් වෙත සහයෝගය ලබා දෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Latest News

More like this

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...

නාකොටික් එකේ ඉතාම රහසිගත තොරතුරු පද්ධතියකට ජාවාරම්කරුවන් ඇතුළු වෙලා

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඉතාම රහසිගත තොරතුරු මහා පරිමාණ...

වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකිව විගණන වැඩ ඇණ හිටී..

පසුගිය සති දෙකක කාලය තුළ වැඩබලන විගණකාධිපතිවරයෙකු හෝ පත්...

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...