මාළිමාව දළඳා පෙරහැර නතර කරයි.. සමාව නොගත්තොත් තිස්ස අත්තනායකට වෙන දේ

සජිත් ප්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ රැළි මාලාවේ ඊයේ (19) මාවනැල්ල ප්‍රදේශයේදී පැවැත්වූ රැස්වීමේදී තිස්ස අත්තනායක මහතා ජාතික ජන බලවේගය හා පාර්ලිමේන්තු මන්ත්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය පිළිබඳ කරනු ලැබූ සාවද්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශය ඉල්ලා අස් කර ගැනීම හෝ සමාව ගැනීම සිදු කළ යුතු බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියා.

ඊයේ පැවති ජනරැළියකදී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ දළදා පෙරහැර නතර කිරීමේ සූදානමක් පිළිබඳව හරිනි අමරසූයේ මහත්මිය ප්‍රකාශ කර ඇති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ව්‍යාජ පෝස්ටුවක් පදනම් කරගෙන කරන ලද මෙම ද්වේශ සහගත ප්‍රකාශය කිසිසේත් අත් හැරීමට ජාතික ජන බලවේගය සූදානම් නැති බව ජයතිස්ස මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් තිස්ස අත්තනායක මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් හෙට උදෑසන වන විට එන්තරවාසියක් එවීමට කටයුතු කරන බව නලින ජයතිස්ස මහතා අවධාරණය කළා.

ඒ අනුව අලි ඇතුන් යොදා නගන්නේ නම් පමණක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක දළදා පෙරහර පැවැතිය හැකි බවට හරිනි අමරසූරිය මහත්මිය කලා යයි පැවසෙන ප්‍රකාශය දසත පුවත් ආයතනයේ ලෝගෝ එක භාවිතා කරමින් නිර්මාණය කරන තිබුණු ව්‍යාජ පෝස්ටුවකි.

ලංකාවේ මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ආයතනයක් වන Fact Crescendo ආයතනය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අදාළ පෝස්ට් එක සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් ගණනාවකගෙන් විමසීම් සිදු කර ඇති අතර එහිදී එය ව්‍යාජ පෝස්ටුවක් බව තහවුරු වී තිබෙනවා. 

මෙය ජනාධිපතිවරණයක් අභිමුව තබාගෙන ඇතැම් පුද්ගලයින් විසින් අපට එරෙහිව නඟන ලද අපට එරෙහිව නගන රැල්ලේ තවත් එක් අවස්ථාවක් යැයි නලින්ද ජයතිස්ස මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!