ලංකාවම දානපතියෙකුට භාර කරන්නත් බැරි නෑ. පිස්සු හැදෙයි..

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු  කිරීම වෙනුවෙන් ‘රට දිනන මඟ’ මැයින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවක් ඊයේ (19) කඩුවෙල නගරයේදී පැවැත්වුණා.

ඒ මොහොතේ සිටි ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන පංගුකාරයකු වුවත් ආර්ථික අර්බුදය පුපුරා යාම දිගු කාලීන ආර්ථික කඩාවැටීමක ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළා.

එබැවින් මේ රට ගොඩනැගීමට නම් රට තුළට අවශ්‍ය රුපියල් ප්‍රමාණය සහ ඩොලර් ප්‍රමාණය සොයා ගන්නා සැලසුමක් අවශ්‍ය බවත් එම සැලසුම ඇත්තේ ජාතික ජන බලවේගය සතුව බවත් ඔහු අවධාරණය කළා.

“දැන් පොඩි සමනයක් තියෙන්නේ මොකක්ද විදුලි පරිභෝජනය අඩු වෙන්න ගත්තා. තෙල් පරිභෝජනය අඩු වෙන්න ගත්තා. ණය ගෙවන්නැතුව ගියා. ඩොලර් ප්‍රමාණය අවශ්‍යතාවය යම් ප්‍රමාණයකට අඩු වුණා. තෙල් ටිකක්  ගේන්න පුළුවන් වුණා.ගෑස් ටිකක් ගේන්න පුළුවන් වුණා. ඊට පස්සේ කියනවා මම වැඩේ ගොඩ ගත්තා කියලා. මේක ගොඩ ඒමක් නෙවෙයි තාවකාලික තත්ත්වයක්.

ඒ නිසා අපට අලුත් සැලැස්මක් අවශ්‍යයි. කොහොමද මේ භාණ්ඩාගාරයට අවශ්‍ය වන රුපියල් ප්‍රමාණය හොයා ගන්නේ?කොහොමද රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය හොයා ගන්නේ? ඔච්චරයි තියෙන්නෙ.

මං ඇහුවා මේ ලඟදි සජිත් ප්‍රේමදාස කියනවා දුප්පත් පාසල් තියෙනවා දහදහස් එකසිය ගානක්,  ඒ හැම පාසලකටම දානපතියෙක් සම්බන්ධ කරනවලු. කොටසක් හොයන එක එයා බාරගන්නවලු. අනිත් ටික විදේශ තානාපතිවරුන්ට බෙදලා. ඒ ටාගට් එක කවර් කරන්න බැරි උනොත් තානාපති නැවත ලංකාවට ගෙන්නනවා.

දැන් තානාපතිගේ මුළු ජොබ් එකම කෝටිපතියෝ හොයන එක මොන විකාරයක්ද ඒ. ඇත්තටම කරයි ආවොත් හොඳේ පිස්සුවක් වෙයි. අන්තිමට කියයි ස්කෝල ටික භාර දෙනවා කෝටිපතියෙකුට. නගර සභා භාර දෙනවා නිව්යෝර්ක් නගර සභාවට. ටික දවසකින් හිතයි නෑ ලංකාවත් වෙන රටකට බාර දෙමු කියලා. සැප්තැම්බර් 21 වෙනි එක තීරණය කරන්න තියෙන්නේ ගැට්ටෙන් එළියට පනිනව ද? නැත්නම් ගැට්ටෙන් ඇතුලට වැටෙනවද කියලා? එච්චරයි”

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...