ටෙලිකොම් විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පෞද්ගලික අංශයට විකුණා දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇතැයි කියන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ටෙලිකොම් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (19) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඒ. ඞී. ගුරුසිංහ හා එහි ලේකම් හරිප‍්‍රිය කමලනාත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසින් නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් එම පෙත්සම ගොනු කරන ලදී.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය හා ශ‍්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප‍්‍රනාන්දු, විධායක අධ්‍යක්‍ෂ ලලිත් සෙනෙවිරත්න ඇතුළු තිස් හතර දෙනකු නම් කර ඇත.

රජය සතු ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සියයට 49.50 ක කොටස් එලෙස පෞද්ගලික අංශයට විකිණීමෙන් රටේ ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතාවලින් බහුතරයක් ඉටු කරන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම සම්පූර්ණයෙන්ම රජයේ පාලනයෙන් ගිලිහී යෑම සිදුවන බවත් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වාදී තිබේ.

– divaina

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...