නව සන්ධානයේ සභාපති දිනේෂ්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් අද (20) කොළඹදී පැවැත්වුණා.

එම නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට ලබාදීමටයි එහි දී තීරණය වී ඇත්තේ.

නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව දේශපාලන පක්ෂය හරහා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට එහිදී තීන්දු වූ බව සඳහන්.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුව සඳහා රනිල් වික්‍රමසිංහට සහාය පළ කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසක් සහභාගි වූණා.

එහි දී නව දේශපාලන පක්ෂය සඳහා නම් කීපයක්ම එහිදී යෝජනා වී තිබුණා.

ඉදිරියේදී බිහිවන නව දේශපාලන පක්ෂය සඳහා ව්‍යවස්ථාව මේ වන විටත් සකස් කර ඇති බැවින් ඒ ව්‍යවස්ථාව අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ද එහිදී මන්ත්‍රීවරු තීරණය කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...