ඉතිහාසගත වන විවාදයකට දිලිත් සූදානම්

මාර්තු 12 ව්‍යාපාරය විසින් ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට සූදානම් කර ඇති විවාදය සඳහා සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සහභාගී වන බව ඔහුගේ නිල මාධ්‍ය ප්‍රකාශක දනිඳු විතානවසම් මහතා පැෆ්රල් සංවිධානයට ලිඛිතව දැනුම්දී තිබෙනවා.

එම ලිපියේ සඳහන් වන්නේ, ජනාධිපති ධුරයට පත් වුවහොත් එක් එක් අපේක්ෂකයා විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳ ඵලදායී සංවාදයක් සියැසින් දැක ගැනීමට අවස්ථාව සලසන මෙම වේදිකාව ශ්‍රී ලාංකිකයන්ට නව අත්දැකීමක් වන බව ‘සර්වජන බලය’ විශ්වාසය බවයි.

විවාදයට ඇරයුම් ලබා ඇති සෙසු ජනධිපති ධුර අපේක්ෂකයන්ද මෙම ඓතිහාසික මොහොත යථාර්ථයක් කිරීමට එක්වනු ඇතැයි දිලිත් ජයවීර මහතා අපේක්ෂා කරන බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් ය.

ඒ අනුව විවාදයට ආරාධනා කර ඇති සෙසු අපේක්ෂකයන් වන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ හා දෙමළ පොදු අපේක්ෂක පී. අරියනේත්‍රන් යන අයයි.

විවාද යෝජනාව පිළිගනිමින් දිලිත් ජයවීර යොමුකළ ලිපිය පහතින්.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!