මැදිරිගිරියේ රැළිය ගැන සරත් ෆොන්සේකා ප්‍රතිචාර දක්වයි

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති බව කියන ජන රැලියක් පාලුවට ගොස් ඇති ආකාරයත් ෆොන්සේකා ඇතුළු තවත් කිහිප දෙනෙක් වේදිකාවේ කම්මුල්වලට අත් ගසාගෙන බලාගෙන සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වෙමින් පවතී.

කෙසේ වෙතත් ඔහුගේ එම රැළියට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔහු ගමන්ගත් රථය ද රැගෙන ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.

එම වීඩියෝව හාස්‍යයට ලක් වෙමින් සංසරණය වෙමින් පවතින අතරතුර සුළු මොහොතකට පෙර සරත් ෆොන්සේකා මහතා ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ මෙසේය.

“මේ මොහොතේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම වීඩියෝව සම්බන්ධයෙනි.

මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන රසඥතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලන සාක්ශරතාවයයි.
මේ ඔබ දකින්නේ ශ්‍රීලාංකීය පුරවැසියන්ගේ දේශපාලනික තෝරා ගැනීමයි.

මාගේ රැස්වීම් වලට සහභාගි වීමට ප්‍රවාහන පහසුකම් සපයන්නේ නැත. බස් රථ යොදා මිනිසුන් රැගෙන එන්නේද නැත. අරක්කු සිගරට් ලබා දෙන්නේද නැත. බත් පැකට් මාලුපාන් කිරිපැකට් බෙදන්නේද නැත.

මගේ රැස්වීම පැවැත්වෙන දිනට පෙරදා රාත්‍රියේ ඒ අවට පෝස්ටර් 50ක් පමනක් අලවන අතර වේදිකාව ඉදිකරනුයේ මහජතාවට අවහිරයක් නොවන ස්ථානයකය. ශබ්ද විකාශන යන්ත්‍රද මහජනතාවට අපහසුතාවයක් ඇති නොවන පරිදි අදාල පරිශ්‍රයට සීමාවන ලෙස සවි කිරීමට උපදෙස් ලබා දී ඇත.

මාගෙ රැස්වීම් වලට පැමිණෙන්නේ එක් පුද්ගලයාද, පස් දෙනාද, දහදෙනද පනස් දෙනාද සිය දෙනාද ඔවුන් මට දසදහස් ගණනකට වඩා වටිනාකමක් ඇති වැදගත් පාක්ශිකයින් පිරිසකි.

2010 දී දේශපාලනයට පැමිණි දා පටන් මම උඩුගම් බලා පිහිනීමට උත්සාහ කලෙමි. අදටත් එය එසේමය. මේ රටේ මහජනතාව ඊට සූදානම් නොමැතිනම් එය ඔවුන්ගේ තෝරාගැනීමය.

සමගි ජන බලවේගයේ සභාපතිදූරය අතහැර එනවිට, අනෙකුත් ප්‍රධාන දේශපාලන බලවේග ඔවුන්ගේ කඳවුරු වලට සම්බන්ධ වන ලෙස මට ආරාධනා කලද, ඒ සියල්ල ප්‍රතික්ෂේප කලේ මගේ හෘදසාක්ශියට එකඟව එම දේශපාලන කඳවුරු වල සිටගත නොහැකි නිසාවෙනි.

මම මගේ මතය රටට ඉදිරිපත් කරමි. එය බාරගන්නවාද නැද්ද යන්න රටේ ජනතාවට භාරය.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!