දැරියන් දෙදෙනෙකුට පෙර පාසල තුළ දීම අතවර.. ඉන්දියාවේ යළිත් කලබල.. ඉන්ටර්නෙට් අත්හිටුවයි

පෙර පාසලකදී දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළැයි කියන සිද්ධියෙන් පසු අඟහරුවාදා (අගෝස්තු 20) ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තානේ දිස්ත්‍රික්කයේ බද්ලාපූර් හි ඇති වූ දැවැන්ත විරෝධතා මධ්‍යයේ අන්තර්ජාල සේවා අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

අතවරයට ලක් කර ඇත්තේ වයස අවුරුදු තුනහමාරක සහ හතරක දැරියන් දෙදෙනෙකි.

මෙම සිදුවීමට විරෝධය පාමින් පෙරේදා උදෑසන බද්ලාපූර් දුම්රිය ස්ථානයේ දුම්රිය අවහිර කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන්ට පොලිසිය ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබුවා. කෝපාවිෂ්ට විරෝධතාකරුවන් දුම්රිය ස්ථානයටත් පෙර පාසලටත් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි දක්නට ලැබුණේ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මිත්‍ර පාර්ශ්වයේ නායකත්වයෙන් යුත් ප්‍රාන්ත ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව පැවසුවද විරෝධතාකරුවන් එමගින් සෑහීමකට පත් වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් රජය මීට පෙර පාසලේ විදුහල්පතිවරයාගේ සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

පසුගිය අගෝස්තු 17 වැනිදා පාසල් උපස්ථායකයකු ලෙස කටයුතු කරන තැනැත්තකු දැරියන් දෙදෙනා අපයෝජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  තිබුණා.

මේ අතර, විරෝධතාකරුවන්ට පොලිස් බලය යෙදවීම සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂ රජයට චෝදනා එල්ල කරමින් පවතී.

විපතට පත් වූ දැරියන් දෙදෙනාගේ දෙමව්පියන්ට ඔවුන්ගේ පැමිණිල්ල ගොනු කිරීමට පෙර පැය 11 ක් බද්ලාපූර් පොලිස් ස්ථානයේ රැඳී සිටීමට සිදු වූ බව විපක්ෂය සඳහන් කරනවා.

මෙම ප්‍රමාදයට වගකිව යුතු කාන්තා පොලිස් නිලධාරිනියගේ වහාම වැඩ තහනම් කළ යුතු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

බටහිර බෙංගාල ප්‍රාන්තයේ වෛද්‍යවරියක් අමානුෂික ලෙස ඝාතනය කළ සිදුවීමෙන් පසු මෙම සිදුවීම පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.

Latest News

More like this

ඊශ්‍රයාල ඝාතන කුමන්ත්‍රණයකින් ඉරාන ජනාධිපතිවරයා තුවාල ලබයි

ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ජුනි 16 වන දින ඊශ්‍රායල...

ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනයට ප්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල ප්‍රතිචාරය

එක්සත් ජනපදයේ ට්‍රම්ප් පරිපාලනය විසින් අගෝස්තු 01 වනදා සිට...

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...
error: Content is protected !!