කිසිදු අපේක්ෂකයෙක් 50% ලබා නොගතහොත් බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වීමේ අවධානමක්

මෙවර ජනාධිපතිවරණයේ දී යම් අපේක්ෂකයකුට 50% ඉක්මවා යාමට නොහැකි වුවහොත් ඇති වන තත්ත්වය පිළිබඳ රටේ ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව  කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසනවා.

එබැවින් ප්‍රතිඵලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බවයි ඔහු කියා සිටියේ. 

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් සිය අපේක්ෂකයා පළමු මනාපය ගණනයේ දී පළමු ස්ථානයට පැමිණ පසුව දෙවැනි මනාපය ගණනයේ දී එම තීරණය වෙනස් වුවහොත් මහජනතාව අතර කැළඹීමක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නා.

ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින්.

“ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක් නෑ. නමුත් සිවිල් සමාජය විදියට ලොකු වගකීමක් තියෙනවා මේ එන ප්‍රතිඵලය භාරගැනීම සඳහා සුදානම් කිරීමට.”

කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා වාතාවරණයක් තුළ පළමු ගණන් කිරීමේදී දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයෙක් මනාප ගණන් කිරීමේන් පසු පළමු ස්ථානයට පත්වුවහොත් ඇති වන වාතාවරණය පිළිබඳ ධම්ම දිසානායක මහතා එහිදී විමසා සිටියා.

ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා…

“ඕක දැන් බොහෝ වෙලාවට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. එකම දේ තියෙන නීතිමය රාමුව තුළ මේක හරි. මොකද හේතුව මනාපය කියන එක ඡන්දයක් වෙනවා නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ ඉලන්න අපේක්ෂකයෝ සියලුදෙනාත් ඡන්දය පාවිච්චි කරන සියලුමදෙනාත් මේ රටේ තියෙන නීතියත් එක්ක යන්න වෙන්නේ. මේක වෙන කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දාලා පනතින් සම්මත කරලා, සියලු අපේක්ෂකයින් වගේම ඡන්ද දායකයෙනුත් මේක දැනගෙන ඉන්නේ. මේ ගැන දැනුවත් කිරීම හොඳයි. අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!