අරගලයේ මහා මොළකරු ‘රනිල්’

ජනාධිපතිවරයා අරගලයේ නිර්මාතෘවරයෙක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සිටින නිලධාරීන්ගෙන් ඒ බව පෙන්නුම් කෙරෙන අතර ඔහුගේ කාර්ය මණ්ඩලයේ බහුතරයක් අරගලයට සහභාගී වූ අය බවයි ඔහු සඳහන් කළේ. 

කොළඹ මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිල වෙත (අගෝ. 19) පස්වරුවේ පැමිණ ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ඔහු තවදුරට ත් සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ එක ම බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කිරීම බවයි.

”ප්‍රතිපත්තිමය කාරණා මත මැතිවරණයට ඉදිරිපත් වීමක් අපි දකින්නේ නැහැ. එක්කෝ පිල් මාරු වෙනවා. එක්කෝ පෞද්ගලික කාරණා මත දේශපාලනය කරනවා. පැහැදිලිව ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ එක ම බලාපොරොත්තුව මේ රටේ පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන එක.”

“සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ කියපු තරුණයෝ තාම පාරේ ඉන්නවා. හැබැයි ඒක පාවිච්චි කරලා දේශපාලන වාසි ලබා ගන්න පක්ෂ එක්ක ගනුදෙනු කරපු අය තමයි පක්ෂවලට බෙදිලා තියෙන්නේ. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්ය මණ්ඩලයෙනුත් ඒක පැහැදිලිව ම ඔප්පු වෙනවා. අරගලයේ හිටපු භාගයක් එතුමාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. ඉතින් එතුමත් අරගලයේ නිර්මාතෘවරයෙක්. ඉතින් ඒ හින්දා අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරගෙන වැඩක් වෙන්නේ නෑ. බුද්ධිමත්ව, අනාගතය පිළිබඳව සැබෑ වැඩපිළිවෙලක් එක්ක අපි තීන්දු තීරණ ගමු.”

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...