ජම් ඉයියතුල් උලමා සංවිධානයෙන් AKDට විශාල පිළිගැනීමක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ සාමාජිකයන් අතර අද(21) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මුෆ්ති තුමන්ලා හා පාලක මව්ලවිතුමන්ලා සමග සාකච්ඡා කළ අතර එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් අනුර කුමාර දිසානායක සහෙෝදරයාට එතුමන්ලාගේ ආශිර්වාද ලබා දීමද මෙහිදී සිදු කෙරුණා.

තවද පසුගියදා විවිධ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ මුස්ලිම් ප්‍රජාවට තම රජයක් යටතේ රැවුල වැවීමට ඉඩ නොදෙන ප්‍රකාශය ආදිය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළා.

මෙම හමුව ජයන්ත වීරසේකර මාවතේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර සංවිධානයේ ප්‍රධානී ගරු අස් සේහ් මුෆ්ති ඒ.ජේ.ඒ. රිස්වි, ගරු අස් සේහ් අර්කම් නුරඅමිත්තුමන් හා ආචාර්ය ඒ.ඒ. අහමඩ් අස්වර්තුමන් ඊට සහභාගි වී සිටියා.

මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද එක් වුණා.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...