වැට් එක අයින් කරලා රට දුවන හැටි අනුරලා කියන්න ඕන

වැට් බදු ඉවත් කර රජයේ ආදායම් නැති කරගෙන ජාතික ජන බලවේගය ණය ගෙවන සැලසුම කුමක්ද යන්න ගැටලුවක් බව සමගි ජන බලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

සුජීව සේනසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ වැට් බදු ඉවත් කරන බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙනය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර ඔහු මෙසේ ද ප්‍රකාශ කළා.

“අනුර කුමාර මහත්තයලා දැන් කියනවා තියෙන වැට් එක දැන් අයින් කරනවා කියලා. එහෙම වැට් අයින් කරලා ආදායම් නැති කරගෙන අපට මේ ණය ගෙවා ගන්න ඉස්සරහට සැලැස්මක් නැත්නම් අයි.එම්.එෆ්. එක අපට නිකන් කන්න දෙන්නේ නැහැ.

අනුර කුමාර මහත්තයා කියනවා බිලියන සියයක් කියන්නේ කජ්ජක් කියලා. ඊට පස්සේ හඳුන්නෙත්ති කියනවා ජේ.වී.පී එකේ මුදල් ඇමැති කියනවා කළු සල්ලි සුදු කරලා දෙන්නම් කියලා. අනුර කුමාර කියනවා ඇප නැතිව ණය දෙනවා කියලා. ඇප නැතිව ණය දීලා පුළුවන් ද රට ගොඩ ගන්න. ඇප නැතිව ණය දුන්නොත් ඇප නැතිව මේ රටට යන්න වෙන්නේ.”

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!