අඛණ්ඩ විදුලි බල සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේදී ඉතාහාසය පුරා බාධා සිදුකලේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති යැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ මහතා මෙසේ පැවසුවේ 2024.08.20 වැනි දින කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින්.
රජයන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරමින් ඔවුන් ද එම ප්‍රතිපත්තිම ඉදිරිපත් කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ බලශක්ති, විදුලිය හා ප්‍රසම්පාදනය පිළිබඳ ඕනෑම ප්‍රතිපත්තියක් පිළිබඳ විවාද කිරීමට තමා සූදානම් බව ඔහු මෙහිදී කියා සිටියා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“අපේ රටේ විදුලි බල අර්බුදයට හේතු වුනු දේශපාලන කණ්ඩායම් හිටියා. මිලදි ගැනීම් කරගන්න බැරිව පැය 16ක් විදුලිය කප්පාදු කලේ ආර්ථික අර්බුදය නිසා. යුක්‍රේන රුසියානු යුධ තත්ත්වයත් එක්ක සීඝ්‍රයෙන් දැවි තෙල් හා ඉන්ධන මිල ඉහළ යාම නිසා පිරිවැය වෙනදට වැඩිය දරන්න සිද්ධ වුණා. ඩොලරයේ මිල ඉහළ යාමෙන් පිරිවැය වැඩිවීම නිසා අපේ ජනන සැලසුමේ පහසුකම් තිබුණත්, පිරිවැය පාලනය කරගන්න බැරිවුණ නිසා විදුලිය ලබාදීමට නොහැකි වෙලා තිබුණා. අපිට කරන්න තිබුණු අමාරුම, අසීරුම, නිවැරදිම තීන්දුව තමයි ඒ අවස්ථාවේ පිරිවැය ගැලපෙන ආකාරයේ මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් අඛණ්ඩ විදුලිය ලබාදීමක් සිදුකරන එක.
අනුර කුමාර දිසානානායක මැතිතුමා කියනවා අපේ විදුලි පිරිවැය තව අඩු කරන්න නම් අඩු වියදම් බලාගාර ඉදිකරන්න ඕනෙලු.
හැම රජයක්ම ප්‍රතිපත්ති සකස් කරගෙන ආවේ මේ කටයුත්තටයි. සූර්ය බලාගාර, සුළං බලාගාර ඇතුළු නව විදුලි බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව, නීති රාමුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරලා මේ වන විටත් වැඩපිළිවෙළ ගණනාවක් සිදුකරගෙන යනවා. හැම රජයක්ම ආරම්භ කරපු ව්‍යාපෘතියක් නැවතුනානම්, ඒක නවත්වන්න කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ හා ඔවුන්ගේ වෘත්තීය සමිති. සම්පූර් බලාගාරයේ යෝජනා කරන අවස්ථාවේ පරිසර සංවිධාන විරුද්ධ වුණා. විරෝධතා නිසා උමා ඔය ව්‍යාපෘතිය අවුරුදු හතක් ප්‍රමාද වුණා. ඕනෙම ව්‍යාපෘතියක් කිරීමේදී යම් පරිසර බලපෑමක් සිදුවෙනවා. ඒවා කළමනාකරණය කරන එකයි අපි කරන්න ඕනේ.
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ තියෙනවා හොඳ කාරණා. එතුමන්ලා විරුද්ධ වුණ නිසා කරන්න බැරි වුණ සුළං බලාගාර ඉදි කළ යුතුයි. මෙගාවොට් 40ක ධාරිතාවක් අපේ රටේ තියෙනවා. පහුගිය කාලෙම සුළං බලාගාර ඉදිකිරීමට යාමේදී පාරිසරික ගැටලු ඔවුන් මතු කළා. පාරිසරික ගැටලුව සමනය කරගෙන ඒ කටයුත්ත කරන්න වෙන විකල්ප වැඩපිළිවෙලක් එතුමන්ට තියෙනවද කියලා කියන්න ඕනේ. පිරිපහදුව සහ ප්‍රතිසංස්කරණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම පිළිබඳ වැඩසටහන් එතුමන්ලා ඉදිරිපත් කරලා තියෙනවා. මෑතකදී හරි අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔවුන්ගේ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තිය සමිතිය ඒක ප්‍රතික්ෂේප කරනවා.
අපි දැන් සතුටු වෙනවා, අඩුම තරමේ මේ පිරිස අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ නායකයන් විදුලිබල මණ්ඩලය සහ ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි කියලා පිළි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් අපි යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ඊට විරුද්ධව ඡන්ද දුන්නා. ඔවුන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට මම සූදානම්. අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ආරාධනා කරනවා පාර්ලිමේන්තුවෙන් එළිය විවාදයකට එන්න කියලා. මීට පෙරත් මම එතුමාට විවිදයකට ආරාධනා කළා. බලශක්තිය විදුලි බිල සම්බන්ධයෙන්, විදුලි ජනනය පිළිබඳව, ප්‍රසම්පාදනය පිළිබඳව ඕනෑම විවාදයකට මම සූදානම්. මේක අභියෝගයක් නෙවෙයි. ආරාධනාවක්. සංවාදයට එන්න. අපි මේ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ සංවාදයක් ඇතිකර ගනිමු.
නමුත් කාලයක් පුරා බලාගාර ඉදිකිරීමට කළ අවහිර කිරීම්, දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කරපු බාධා කිරීම් හරහා රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. 2022 ජූලි මාසයේ සිට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය යටතේ ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ තවත් අවුරුද්දක් දෙකක් ඉදිරියට යනවා නම් තව මීට වැඩිය වැඩි සහනයක් ජනතාවට ලබා දෙන්න පුළුවන්. වර්ෂාපතනය ලැබීම නිසා ඔක්තෝම්බර් මාසයේ මිල සංශෝධනයේදී අපිට යම්කිසි අඩු කිරීමක් කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා.
ඩීසල් ඒකකයක් සඳහා රුපියල් 106 ක් 110ක් පමණ ප්‍රමාණයක් වැය වෙනවා. එල්. එන්. ජී භාවිතයෙන් මේ වියදම සීයට පනහක් විතර අඩු කර ගන්න පුලුවන්. ඒ වැඩපිළිවෙල යටතේ ක්‍රමානුකූලව විදුලිබිල අඩු කරන්න සුදානම්. දේශපාලන පොරොන්දු හැටියට ලබන මාසේ මේ ගානෙන් අඩු කරනවා වගේ කතා කියන්න පුළුවන් වුනත් එහෙම කලොත් අපිට මාසයක් යනකොට නැවත ඉන්ධන පෝලිම්වලට, විදුලි කප්පාදුවට යන්න වෙනවා.
විදුලි පිරිවැය වැඩිවීම කියන කාරණාවට එක හේතුවක් 2014 ඉඳලා බලාගාර ඉදිනොවීම. අඩු වියදම් බලාගාර යෝජනා ඉදිරිපත් වුනාම ඒවට විරුද්ධ වුනේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම. පාවෙන සූර්ය බලාගාර වෙනුවෙන් නියමු ව්‍යාපෘති දෙකක් චන්ද්‍රිකා වැව සහ කිරි ඉබ්බන් වැවේ කොරියානු රජයේ සම්පූර්ණ මූල්‍ය පරිත්‍යාගයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. මේවාට විරුද්ධව උද්ඝෝෂණය කෙරෙව්වෙත් ජනතාව විමුක්ති පෙරමුණයි. කරන හැම දේකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට ආවොත් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි.
සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අතරේ වෙනසක් මම දකින්නේ නැහැ. විදුලි බල පනත ගේන්නේ ජල විදුලි බලාගාර ටික විකුණන්න කිව්වාට මේ වෙනකොට මොකක්ද විකුණලා තියෙන්නේ. මේ දේශපාලන සටන් පාඨ පාර්ලිමේන්තුවේ කියන්න පුලුවන්.නමුත් විකිණීමක් කොහෙවත් වෙලා නැහැ.රජය කරන හැමදේම විවේඡනය කරලා, ඔවුන් බලයට ආවාම ඒ විවේඡනය කරපු දේවල් ටිකම කරනවා කියන්නේ ඇයි? පහුගිය අවුරුදු දෙකේ ඇයි රජයට සහාය නොදැක්වූවේ. අපි රටට නායකයෙක් විදියට තෝරා ගන්න ඕනේ අපි ඇවිත් කරන්නම් කියන කෙනෙක්ද , කරලා පෙන්නලා තියෙන කෙනෙක්ද? ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැහැ කිව්වා. රටේ ආර්ථිකය හදන්න බැහැ කිව්වා.විදුලිය දෙන්න බැහැ කිව්වා.ඩොලරය රුපියල් 700ට යන එක නතර කරන්න බැහැ කිව්වා. ඒ හැම දෙයක්ම පුලුවන් කියලා කරලා පෙන්නුවේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. අපි අත්හදා බැලීම් කරනවාද, කරගෙන ආපු වැඩපිළීවෙළ ඉදිරියට ගෙනියනවාද?”




