විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයෙක්ට කෝටි 30ක මිලක්

විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරයකු වෙනුවෙන් රුපියල් මිලියන 300 මුදලක ප්‍රතිපාදන වෙන් කර ඇති බව විපක්ෂ නායක සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එසේ වෙන් කරන ලද මුදල් මැතිවරණයට අදාළ කටයුතුවලට යොදා ගැනීමේ සූදානමක් පවතින බව ඔහු අනාවරාණය කළා.

නමුත් ආණ්ඩුවේ සිට විපක්ෂයට එක්වන මන්ත්‍රීවරුන්ගේ විවධ්‍යගත අරමුදල් කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවට ද ඔහු චෝදනා කළේ රිෂාඩ් බදියුර්දීන් මන්ත්‍රීවරයාගේ විමධ්‍යගත අරමුදල් කප්පාදුවක් කර ඇති බව සඳහන් කරමිනි.

ඒ අනුව මේ පිළිබඳව වහා පියවරක් ගන්නා ලෙස මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටියා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!