මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළ ජනපතිවරයෙක් ලෙස රනිල් ඉතිහාස පොතට.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා නියම කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීන්දු කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට නියම කළා.

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆ්රල් ආයතනය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දීම සිදු කෙරුණා.

Latest News

More like this

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...

ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක...
error: Content is protected !!