මාළිමාවේ සෞඛ්‍ය විප්ලවය කරන හැටි : රෝහලට යන්න කලින් රෝහලෙන් SMS එකක් එවනවා පරීක්ෂණයට එන්න කියලා..

ජාතික ජන බලවේගයේ රජයක සියලුම මහජනතාවට සෞඛ්‍ය සඳහා ප්‍රවේශ වීමට තිබෙන අයිතිය මූලික මිනිස් අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ජාතික ජන බලවේගය විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

එම තීරණය බියක් නැතුව ගත හැක්කේ මහජනතාවට ඉතා හොඳ සෞඛ්‍ය සේවයක් ලබාදීමට උවමනාව ඇති ආණ්ඩුවකට පමණයි.

එමෙන්ම ජනගහණය 5000 කට එකක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, පවුලේ වෛද්‍යවරයෙක්, සියලුම දෙනාගේ සෞඛ්‍ය තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක්, රෝහලට යාමට ප්‍රථම රෝග පිළිබඳ නිශ්චය ක‍ර රෝහලට එන ලෙස දන්වන SMS පණිවිඩයක් ජංගම දුරකථනයට එන සෞඛ්‍ය ක්‍රමයක් ගොඩ නගන බව ඔහු ප්‍රකාශ කළා.

තවද අවුරුදු හැටට වැඩි සියලුම පුද්ගලයන්ගේ සියලුම සෞඛ්‍ය පරීක්ෂණ නොමිලේ සිදු කරන වගකීම රජය භාර ගන්නා බවද ඔහු කියා සිටියා.

ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් ඖෂධ හා එන්නත් ලබා දීමේ වගකීමද රජය සතු බව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බණ්ඩාරගම නගරයේ අද පැවැති ජාතික ජන බලවේගයේ ජනරැළිය අමතමින්.

“ඔබ රටේ ආර්ථිකය හදන්න තරම් දායක වුණාට ඔබ ලෙඩ වුණහම බලාගන්න තරම් ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් නෑ. සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ උනාට ඔබ නිරෝග නිරෝගී කරන එක. ඔබට ඉක්මනට ප්‍රතිකාර කරන එක. ඒක රජයේ වගකීමක්.

අංක එකටම අපි ඒ ව්‍යවස්ථා වෙනස කරනවා. අපට පුළුවන් ඔබට හොඳ සෞඛ්‍ය සේවාවක් දෙන්න. දැන් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔබේ සෞඛ්‍යයට රුපියල් සීයක් වියදම් කළොත් එයින් සියයට හැටක් වියදම් කරන්නේ ඔබේ පොකට් එකෙන්. ඒක සාධාරණ නෑ. රජයෙන් වියදම් කරන්නේ රුපියල් හතළිහයි. ඔබ බදුත් ගෙවලා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් බලාපොරොත්තු වෙලා ආයේ හම්බ කරන එකෙන් ගෙවනවා සෞඛ්‍යයට.

අපි රජය මැදිහත්වීම වැඩි කරනවා විශේෂයෙන් අපි ඔබව රෝහල්වල OPD එකේ රස්තියාදු කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි ඔබට හදලා දෙනවා ජනගහනය 5000 කට ඔබව රැක ගන්න පුළුවන් ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක්. ඔබ වෙනුවෙන් ඉන්න පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා එතන. ඒ වෛද්‍යවරයාට පවුල් දහසක සෞඛ්‍යයේ වගකීම පැවරෙනවා. ඔවුන් බලාගන්නවා පවුල් හැටියට ඔබව.

ඔබේ සියලු රෝග වාර්තා ඉතිහාසය පරිගණක ගත කරලා තියෙනවා. අයිඩින්ටි කාඩ් නම්බර් එක එන්ටර් කරාම සියලු රෝග වාර්තා එතන තියෙනවා. එතන වෛද්‍යවරු ඔබ ගැන දන්නවා. ඔබට තියෙන ලෙඩ ගැන දන්නවා. එහෙනම් ඔබ හිතන්නත් කලින් එවන්න පුළුවන් පරීක්ෂණයට දිනය. අහවල් දිනය අහවල් වෙලාවට මේ සෞඛ්‍ය මධ්‍යස්ථානයට එන්න sms එක ඒවි ඔබේ ෆෝන් එකට. පෝලිම් නැත කරදර නැත. ලෙඩ වුණාම උඹව තවදුරටත් පීඩාවට පත් කරන එක නෙවෙයි අපේ වැඩේ.”

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!