‘රතු ඉර’ ඇද වී කැමරා බොඳවෙයි.. සජීවී රතු ඉරේ හර්ෂණගේ අමුතු හැසිරීමක්

ස්වර්ණවාහිනිය ඔස්සේ ඊයේ (22) රාත්‍රියේ විකාශය වූ රතු ඉර වැඩසටහනට සහභාගී වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ අමුතු හැසිරීම එම වැඩසටහන සජීවීව නැරඹූ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.

ඔහු එම වැඩසටහන සමඟ සම්බන්ධ වී සිටියේ මත්පැන් හෝ කිසියම් මත්ද්‍රව්‍යයක් රැගෙන බව යූ ටියුබ් ඔස්සේ සජීවීව වැඩසටහන නැරඹූ බොහෝ දෙනෙක් කමෙන්ට් තීරුවේ අදහස් පළ කොට තිබුණා.

ඔහුගේ කතාව අතරතුර ගොත ගසමින් හා ඇස් පියවෙමින් තිබුණු අතර ඔහුගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට දුන්නේ යන්නේ කොහෙද මල්ලෙ පොල් ආකාරයේ උත්තරයි.

කියූ ඇතැම් කරුණු පැහැදිලි නොවූ අතර වැඩසටහනට සහභාගී වී සිටි අනෙක් දේශපාලන ප්‍රතිවිරුද්ධ පාර්ශවය වූ ජාතික ජන බලවේගය නියෝජනය කළ සුනිල් හඳුන්නෙත්ති ද රාජකරුණා ගොත ගසමින් වචන ඇහිදින ආකාරය දෙස බලාගෙන හිටියේ සිනාසෙමින්.

වැඩසටහන අතරතුර නිදහස් මාධ්‍යවේදියකු ඔහුගෙන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට උත්තර දී ගත නොහැකිව දෙකයි පනහේ මාධ්‍යවේදීන් වැඩසටහන්වලට ගෙන්වා ඇතැයි චෝදනා කිරීමට ද රාජකරුණා කටයුතු කළා.

කෙසේවෙතත් වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනාධිපතිවරණයක තීරණාත්මක තරගයකට අවතීර්ණ වී ඇති මොහොතක මේ ආකාරයෙන් ලෝකය ඉස්සරහා හාස්‍යයට ලක් වෙන ආකාරයෙන් හැසිරීම පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණා.

Latest News

More like this

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...

ට්‍රම්ප් වහසි බස් දොඩන අතරේ ඊශ්‍රායලය ගාසා තීරයේ වතුර බීමට ගිය දරුවන් මරා දමලා..

ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව සිදුවන බව...
error: Content is protected !!