කෙහෙළිය දිවිනසා ගනීවී දැයි බියක්

ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවේ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් හතරදෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට හා දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණු දී ඇති බවත් එබැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත ඔවුන් යොමු කර ඇප ලබා දෙන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ඊයේ (22) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත් බෝගහපිටිය මහත්මිය නියෝග කළේ ඊට අදාළ ඉල්ලීම් මෝෂන් පත්‍රයක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පළමු වන සැකකරු සුදත් ජානක, හත්වන සැකකරු රත්නකුමාර හේරත්, අටවැනි සැකකරු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ දොළොස්වන සැකකරු විජිත් ගුණසේකර යන අය වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට එහිදී අවසර ඉල්ලා තිබෙනවා.

එම සැකකරුවන් හතර දෙනා හෘද රෝග, මානසික රෝග, පිළිකා රෝග, කායික රෝග සහ ආමාශ රෝගවලින් පෙළෙන බැවින් ඒ සම්බන්ධයෙන් වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කරන ලෙස සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

හයවැනි සැකකරු ජනක චන්ද්‍රගුප්ත සහ දහවන සැකකරු සමන් රත්නායක යන සැකකරුවන් දෙදෙනා ජීවිත අවදානම් තත්ත්වයක පසුවන හෘද රෝග සහ විෂාදය රෝගයෙන් පෙළෙන බව විශේෂ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩල වාර්තාවක් මගින් කරුණු තහවුරු කර ඇති බැවින් ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය පසුගිය 08 වැනිදා නියෝග කර තිබුණා.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් රණසිංහ ගුණසේකර යන අය මෙම නඩුවේ සැකකරුවන්ය.

සැකකරුවන් 12 දෙනාගෙන් හත් දෙනෙකු මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.

එක් සැකකරුවකු විදෙස්ගතව සිටින බැවින් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉතිරි සැකකරුවෝ හතර දෙනා නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයට යටත්ව තවමත් බන්ධනාගාරගතව සිටියි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්ෂිත බන්ධනාගාරගත වී සිටින්නේ පෙබරවාරි 02 වැනිදා සිටය.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!