මන්කි පොක්ස් සඳහා මුහුණදීමට ලංකාවේ සෞඛ්‍ය අංශ සීරුවෙන්

ගුවන් තොටුපළ මඟින් මෙරටට ඇතුළු විය හැකි mpox හෙවත් මන්කි පොක්ස් රෝගීන් හඳුනා ගැනීම සඳහා මුළු රටම ආවරණයය වන පරිදි වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එවැනි රෝගීන් වාර්තා වුවහොත් ඔවුන් වෙන්කර ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ පහසුකම් සපයා ඇති බව ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කර තිබෙනවා.

මන්කි පොක්ස් වෛරසය නිසා ඇතිවන මෙම රෝගය ආසාදිත පුද්ගලයකුගේ දේහය තරල, තුවාල ස්පර්ශ වීමෙන් සහ දිගු කාලයක් පුරා ශ්වසන බිඳිතිවලට නිරාවරණය වීමෙන් මෙම රෝගය පැතිර යයි. 

එනිසා රෝගය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක් නැතැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ආසාදිත පුද්ගලයකු භාවිතා කරන ලද ඇඳ ඇතිරිලි හෝ ඇඳුම් මගින් ද රෝගය පැතිර යෑමේ හැකියාවක් පවතී.

රෝග ලක්ෂණ ලෙස උණ, සමෙහි බිබිළි මතුවීම සහ වසාගැටිති ඉදිමීම දැකිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!