ශ්‍රී ලංකන් එයාර් ලයින් කසාවතින් බැබළෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ස්ථාපිත කර එළඹෙන සැප්තැම්බර් මස 01 වැනිදාට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් කුඩා සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් කටුනායක ගුවන් තොටුපොළ වෙත වැඩම කරවා එහි වැදගත් ස්ථාන දැක බලා ගැනීමට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙත රැගෙන ගොස් එහි අත්දැකීම් විඳ ගැනීමට ද ඊයේ ( 22 දා) අවස්ථාව හිමි වුණා.

මෙම සද්කාර්යය සිදු කෙරුණේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම මෙන්ම ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද අනුග්‍රහයෙනි.

ජාතියේ අනාගත භික්ෂු පරපුර මෙම සාමනේර භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ වන හෙයින් උන්වහන්සේලාට රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක් වන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දැන හඳුනා ගැනීමට අවස්ථාව ලබා දීම ඉතා වටිනා කර්තව්‍යයක් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

මෙම වැඩසටහන සඳහා වාද්දුව, දෙල්දූව පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන වයස අවුරුදු 05 – 20 ත් අතර වයසේ පසුවන සාමනේර භික්ෂූන් වහන්සේලා 60 නමක් වැඩම කර සිටියා.

මෙම භික්ෂූන් වහන්සේලාට කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට, රේගු පරිශ්‍රයට, ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයට, ගුවන් යානා අංගනට මෙන්ම ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළට වැඩම කර එහි සියලුම ක්‍රියාකාරිත්වයන් ද සවිස්තරාත්මකව දැන ගැනීමට අවස්ථාව උදා කර දී තිබුණා.

මෙවැනි අත්දැකීමක් ගුවන් ගමනක යෙදෙන ගුවන් මගියකුට හැර වෙනත් පුද්ගලයකුට ලබා ගත නොහැකි වීම විශේෂත්වයකි.

මෙම භික්ෂූන් වහන්සේලාට කටුනායක ගුවන් තොටුපොළ සේද මාවත පර්යන්තයේ දී දහවල් දානය පිරිනැමීමට ද මෙම වැඩසටහනේ සංවිධායකවරුන් පියවර ගෙන තිබුණා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!