රජය කොන්ඩම් සමාගමකින් ඖෂධ ගෙන්වීමට යයි

රෝහල්වල පවතින අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ ගෙන්වීමට සූදානම් වන ඉන්දීය සමාගම කොන්ඩම් නිෂ්පාදන සමාගමක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති චමල් සංජීව මහතා පවසනවා.

කොළඹ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කළේ මෙවැනි සමාගමකට විවිධත්වයකින් යුතු ඖෂධ වර්ග සැලකිය යුතු ප්‍රමාණයක් සැපයීමට පවතින හැකියාව ප්‍රශ්න සහගත බවත් වහාම මෙම සමාගම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කළ යුතු බවත්ය.

මෙතෙක් කල් මෙරටට ඖෂධ ආනයනය කරනු ලැබුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන් විසිනි.

අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු රජය සමග ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පසුගිය ජූලි 23 වැනිදා වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කරන ලද කැබිනට් පත්‍රිකාවෙන් තහවුරු වී තිබෙනවා.

එම නිසා මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කිරීමට පෙර මෙම කොන්ඩම් නිෂ්පාදන සමාගම සම්බන්ධව පසු විපරමක් කරන ලෙස සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් ද ඉල්ලා සිටියා.

මෙරට තුළ සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන ඖෂධ වර්ග 862ක් හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ හේතුවෙන් ඖෂධ ආනයනය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් සහ පෞද්ගලික ඖෂධ ආනයනකරුවන්ගෙන් ගිලිහෙන බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!